යුක්‍රේනය ගැන ඇමරිකාවෙන් විශේෂ තීන්දුවක් -අද නිල වශයෙන් ප්‍රකාශ කළ දේ
By Gagana News
යුක්‍රේනයට ලබාදෙන සියලුම හමුදා ආධාර අත්හිටුවීමට අමෙරිකාව පියවර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
පසුගිය සතියේ යුක්‍රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි සහ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර ඇතිවූ වචන හුවමාරුවෙන් අනතුරුව මෙම තීරණය ගෙන ඇති බව සඳහන් වේ.
යුක්‍රේනය සහ රුසියාව අතර පවතින ගැටුම් නතර කර සාමය ස්ථාපිත කිරීමට කටයුතු කළ යුතු බවට අමෙරිකානු ජනාධිපතිවරයා යුක්‍රේන ජනාධිපතිවරයාට දැනුම් දෙනු ලැබීය.
ඒ අනුව අදාළ අරමුණ කරා ගමන් කිරීමට බලකිරීමක් වශයෙන් අමෙරිකාව විසින් යුක්‍රේනයට ලබාදෙන හමුදා ආධාර සියල්ල අත්හිටුවීමට තීරණය කර ඇති බව ධවල මන්දිරය සඳහන් කර ඇත.