ඇමති විජිතගෙන් Call එකක් එනකම් බලාගෙන ඉන්න උදය ගම්මන්පිල.. ඇයි දන්නව ද?.

Report

සර්වජන බලයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක උදය ගම්මන්පිල මහතා විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.

ඒ ජාතික ආරක්ෂාවට සංවේදී කිසිම ඇමුණුමක් ප්‍රසිද්ධ නොකරණ බවත්, කොමිෂන් වාර්තා පමණක් ප්‍රසිද්ධ කරන බවත් ය.

වාහනයක් තියෙනව ද?. වාහන ආදායම් බලපත්‍ර ගැන මාලිමා ආණ්ඩුවෙන් තීරණයක්.. වහාම විජිත හේරත් නිළධාරීන්ට දන්වයි..

වාහනයක් තියෙනව ද?. වාහන ආදායම් බලපත්‍ර ගැන මාලිමා ආණ්ඩුවෙන් තීරණයක්.. වහාම විජිත හේරත් නිළධාරීන්ට දන්වයි..


සර්වජන බලය පක්ෂ මූලස්ථානයේ අද (18) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ මෙවැන්නකී,

"රාජ්‍ය රහස වෙන්නේ වාර්තාවේ තිබෙන ඇමුණුම්. මම විජිත හේරත් ඇමතිතුමාට දුරකථනයෙන් කථාකළා ඇමුණුම් භාරදෙන්න සූදානම්..දිනයක් සහ වෙලාවක් කියන්න කියලා.

වහාම, ආදායම් බදු ගෙවීම ගැන තවත් විශේෂ තීරණයකට ගිහින්.. මෙන්න මෙහෙම කරන්න පුලුවන්..(PHOTO)

වහාම, ආදායම් බදු ගෙවීම ගැන තවත් විශේෂ තීරණයකට ගිහින්.. මෙන්න මෙහෙම කරන්න පුලුවන්..(PHOTO)


ඔහු දුරකථනයට උත්තර දුන්නෑ. පසුව එතුමාට කෙටි පණිවිඩයක් යැව්වා මම උදය ගම්මන්පිල, හැකි ඉක්මනින්න මාව අමතන්න කියලා.

ඒකටත් මේ දක්වා ප්‍රතිචාරයක් නැහැ. එතුමා හිතාමතා මාව මඟහරින බවක් පෙන්නේ. ඒ නිසා එතුමාට ලියාපදිංචි තැපෑලෙන් ලිපියක් දැම්මා. අපි ප්‍රසිද්ධ කරන්නේ කොමිෂන් වාර්තා පමණයි. ජාතික ආරක්ෂාවට සංවේදී කිසිම ඇමුණුමක් ප්‍රසිද්ධ කරන්නේ නෑ".