වහාම, ආදායම් බදු ගෙවීම ගැන තවත් විශේෂ තීරණයකට ගිහින්.. මෙන්න මෙහෙම කරන්න පුලුවන්..(PHOTO)

Government Of Sri Lanka Latest Headlines Decision Making Inland Revenue Department
By krishani Oct 18, 2024 11:44 AM GMT
krishani

krishani

Report

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ ආදායම් බදු ගෙවීම සඳහා ලියාපදිංචි වී ඇතත්, ව්‍යාපාර කටයුතු අවසන්කර තිබීම හෝ ආදායම් මාර්ග නොමැති වීම වැනි හේතු මත බදු ගෙවීමට ආදායමක් නොමැති නම් බදු ගෙවීම සඳහා සිදුකර ඇති ලියාපදිංචිය අක්‍රීය කරගත හැකි බවයි.

නැවතත් කරලියට ආ.. දැඩි ආන්දෝලනයකට තුඩු දුන් ශිෂ්‍යත්ව විභාග ගැටලුව.. අද වෙලා තියෙන දෙය මෙන්න..

නැවතත් කරලියට ආ.. දැඩි ආන්දෝලනයකට තුඩු දුන් ශිෂ්‍යත්ව විභාග ගැටලුව.. අද වෙලා තියෙන දෙය මෙන්න..


එම නිවේදනයට අනුව බදු ගෙවීමට තරම් ආදායමක් හෝ ලාභයක් නොමැති නම්, ඒ බව සනාථ කළ හැකි ලේඛන මාර්ගගන ක්‍රමය යටතේ දෙපාර්තමේන්තුව වෙත 2024.11.30 දිනට ප්‍රථම ඉදිරිපත් කළ යුතුය.

ඒ අනුව 2023.04.01 දින සිට 2024.03.31 දින දක්වා එනම් 2023/2024 තක්සේරු වර්ෂයට නියමිත ආදායම් වාර්තා යොමුකිරීමේ පහසුකම www.ird.gow.lk යන දේශීය ආදායම් වෙබ් අඩවියේ දැක්වෙන ඊ සේවාවට පිවිසීමෙන් ලබා ගත හැකිය.

මේ අතර දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් බදු ගෙවන්නන් ලියාපදිංචි කිරීම වෙනුවෙන් 2023 වසරේදී හඳුන්වා දෙනු ලැබූ TIN අංකය යටතේ 2023/2024 තක්සේරු වර්ෂය සඳහා බදු ගෙවිය යුතු පුද්ගලයන් සංඛ්‍යාව 868,009ක් දක්වා ඉහළ ගිය බවද එම නිවේදනයේ සඳහන් වේ.

පොලිස් නිළධාරීන් ගැන ගත් තීරණයක් මෙන්න.. වැඩබලන පොලිස්පතිත් ඇවිත්..

පොලිස් නිළධාරීන් ගැන ගත් තීරණයක් මෙන්න.. වැඩබලන පොලිස්පතිත් ඇවිත්..


තවද, මෙම ක්‍රමය හඳුන්වාදීමට පෙර එනම් 2022/2023 තක්සේරු වර්ෂය සඳහා ආදායම් වාර්තා ඉදිරිපත් කළ යුතුව තිබී ඇත්තේ 333,313ක පුද්ගල සංඛ්‍යාවක් බවද එහි දැක්වේ.

2017 අංක 24 දරන දේශීය ආදායම් පනතට අනුව මසකට රුපියල් 100,000 කට වැඩි හෝ වර්ෂයකට රුපියල් 1,200,000 කට වැඩි ආදායම් හෝ ලාභ උපයනු ලබන පුද්ගලයන් වාර්ෂිකව ආදායම් වාර්තාවක් ඉදිරිපත් කොට බදු ගෙවිය යුතුය.

එහෙත් වාර්ෂික ආදායම හෝ ලාභය රුපියල් 1,200,000 ට වඩා අඩු ආදායම් ලබන පුද්ගලයන් ආදායම් බදු ගෙවිය යුතු නැති අතර, දැනටමින් ගෙවීම් පත්‍රිකා ලැබී ඇත්නම් ඒවා නොසලකා හැරිය හැකිය.

ජනාධිපති අපේක්ෂකයන් භාර දුන් වියදම් වාර්තා රටටම ප්‍රසිද්ධ කරන්න යයි.. ඒ මෙන්න මෙහෙම..

ජනාධිපති අපේක්ෂකයන් භාර දුන් වියදම් වාර්තා රටටම ප්‍රසිද්ධ කරන්න යයි.. ඒ මෙන්න මෙහෙම..


එමෙන්ම, තමාගේ ආදායම් ප්‍රකාශිත වාර්තාවක් මාර්ගගතන ක්‍රමය භාවිතා කරමින් දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතුය.

යම් පුද්ගලයකුට ආදායම් වාර්තාව මාර්ගගත ක්‍රමය භාවිතයෙන් එවීමට අපහසුතාවයක් වේ නම් දේශීය ආදායම් දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලයේ වෙනස්විම් කළමනා කරණ අංශය, මධ්‍යම ලේඛන කළමනාකරණ අංශය හෝ බිම් මහලේ දී හෝ ඕනෑම ප්‍රාදේශීය හෝ නගර කාර්යාලයකට පැමිණ ඒ සඳහා අවශ්‍ය සහාය ලබා ගැනීමේ පහසුකම සලසා ඇති බවද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.

අග්‍රාමාත්‍යවරිය එක්ක විශ්වවිද්‍යාල සංගම් විශේෂ සාකච්ඡාවක් කරලා.. වෙලා තියෙන දෙය මෙන්න..

අග්‍රාමාත්‍යවරිය එක්ක විශ්වවිද්‍යාල සංගම් විශේෂ සාකච්ඡාවක් කරලා.. වෙලා තියෙන දෙය මෙන්න..


කෙසේ වෙතත්, එම නිවේදනය පහතින් දැක් වේ,

Gallery