හිටපු ඇමති ගම්මන්පිල නිදොස් කොට නිදහස්
ව්‍යාජ ඇටර්නි බලපත්‍රයක් සකස් කර ඔස්ට්‍රේලියානු ජාතික ව්‍යාපාරිකයකුට අයත් සමාගම් කොටස් විකුණා රුපියල් මිලියන 21ක මුදලක් සාපරාදී ලෙස සාවද්‍ය පරිහරණය කළැයි චෝදනා එල්ල වී සිටි හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල සහ ව්‍යාපාරික සිඩ්නි ජයසිංහ යන මහත්වරුන් එම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය අද (24) තීන්දු කළේය.
දීර්ඝ නඩු විභාගයකින් පසු කොළඹ මහාධිකරණයේ පූර්වගාමී විනිසුරු නාමල් බණ්ඩාර බළල්ලේ මහතා විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරන ලදී. විත්තිකරුවන්ට එරෙහිව එල්ල කර තිබූ චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරීමට පැමිණිලිකරු අසමත් වී ඇති බැවින්, ඔවුන් නිදොස් කොට නිදහස් කරන බව විනිසුරුවරයා ප්‍රකාශ කළේය.
1996 සැප්තැම්බර් 26 සිට 1997 සැප්තැම්බර් 25 දක්වා කාලය තුළ ඔස්ට්‍රේලියානු ජාතික ව්‍යාපාරිකයකු වන බ්‍රයන් ෂැඩික්ට අයත් ඩිජිටල් නොමිනීස් පුද්ගලික සමාගම විසින් මිලදී ගෙන තිබූ පෞද්ගලික බැංකුවක කොටස් මිලියන 21ක් ව්‍යාජ ඇටර්නි බලපත්‍රයක් මගින් විකුණා, රුපියල් මිලියන 21ක මුදලක් සාපරාදී ලෙස සාවද්‍ය පරිහරණය කළැයි චෝදනා කරමින්, යහපාලන රජය සමයේ නීතිපතිවරයා විසින් උදය ගම්මන්පිල සහ සිඩ්නි ජයසිංහ යන මහත්වරුන්ට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබිණි.
