ලොවම සලිත කළ ඩොල්ෆින් සුළි කුණාටුව චීනයේ නැගෙනහිර වෙරළ තීරයට ඇතුළු වෙයි - දැඩි ගංවතුර සහ නායයෑම් අවදානම් සමඟින් ගුවන් ගමන් අවලංගුයි
ඩොල්ෆින් සුළි කුණාටුව චීනයේ නැගෙනහිර වෙරළ තීරයට ඇතුළු වී තිබෙන අතර, එමඟින් ධාරානිපාත වර්ෂාව සහ සුළි කුණාටු සුළං ඇති වී ඇති අතර මිලියනයකට අධික ජනතාවක් ඉවත් කර ඇති බව සඳහන්.
මේ වසරේ චීනයට බලපෑ බලවත්ම නිවර්තන සුළි කුණාටුව වන ඩොල්ෆින්, ඊයේ(9) සවස 5:30 ට පමණ (GMT 09:30) නැගෙනහිර ෂෙජියැං පළාතේ යුහුආන් අසල ගොඩබිමට කඩා වැදුණු බව චීනයේ කාලගුණ විද්‍යා බලධාරීන් ප්‍රකාශ කරයි.
ඒ අනුව කුණාටුව වෙරළට පැමිණෙන විට එහි මධ්‍යය අසලින් පැයට කිලෝමීටර 151 (පැයට සැතපුම් 93) ක උපරිම සුළං ප්‍රමාණයක් හමා ගිය අතර එය 1 වන කාණ්ඩයේ සුළි කුණාටුවකට සමාන වී තිබෙනවා.
කුණාටුව රට අභ්‍යන්තරයට ගමන් කරන අතර නැගෙනහිර චීනයේ ජනාකීර්ණ ප්‍රදේශවලට දැඩි වර්ෂාවක් ගෙන ඒම හේතුවෙන් දැඩි ගංවතුර සහ නායයෑම් අවදානම් පිළිබඳව බලධාරීන් අනතුරු අඟවා ඇත.
එසේම කලාපය පුරා ප්‍රවාහන කටයුතු පුළුල් ලෙස අඩාල වී ඇති බව වාර්තා වේ. ෂැංහයි හි අවම වශයෙන් පුද්ගලයින් 30,300 ක් ඉවත් කර ගුවන් ගමන් 1,400 ක් පමණ අවලංගු කර ඇති අතර අසල්වැසි ෂෙජියැං පළාතේ, වෙන්ෂෝ නගරය 900,000 කට අධික පදිංචිකරුවන් නැවත පදිංචි කර ඇති අතර හදිසි නවාතැන් 1,000 කට වඩා විවෘත කර තිබෙන බව සඳහන්.
එමෙන්ම ඉකුත් සෙනසුරාදා(8) සවස් වන විට තායිෂෝ හි ෂෙජියැං නගරයේ 390,000 ක් පමණ ජනතාව ඉවත් කිරීමට බලධාරීන් කටයුතු කර තිබුණා.
කෙසේ වෙතත් ෆුජියන් පළාතේ, බලධාරීන් ඔවුන්ගේ සුළි කුණාටු හදිසි ප්‍රතිචාරය III මට්ටමට ඉහළ නැංවීමෙන් අනතුරුව, අධි අවදානම් ප්‍රදේශවලින් පුද්ගලයින් 98,900 ක් පමණ ඉවත් කළ බව රාජ්‍ය පුවත් ඒජන්සිය වාර්තා කර ඇත.