වැඩබැරි තොගයක් ඉන්නවා කියලා හිතාගෙන තමයි ජනාධිපතිතුමා මේ යෝජනා ඉදිරිපත් කළේ” - මරික්කාර් අද පාර්ලිමේන්තුව දෙවනත් කරමින් කළ ප්‍රහාරය මෙන්න

Report

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා අද (20) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ආණ්ඩුවේ ප්‍රාග්ධන වියදම් ප්‍රගතිය සහ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් විවේචනාත්මක අදහස් පළ කළේය.

ජනාධිපතිවරයා විසින් විවිධ සංවර්ධන යෝජනා සඳහා විශාල මුදල් ප්‍රතිපාදන වෙන් කරන බව ප්‍රකාශ කළද, ඒවා ක්‍රියාත්මක කිරීමේදී රාජ්‍ය නිලධාරීන්ගේ කාර්යක්ෂමතාව පිළිබඳ ගැටලු පවතින බව මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.

2025 වසරේ ප්‍රාග්ධන වියදම් සඳහා රුපියල් බිලියන 1,380ක් වෙන්කර තිබුණද, පළමු මාස නවය තුළ වැය කර තිබුණේ රුපියල් බිලියන 436ක් පමණක් බව ඔහු සඳහන් කළේය.

යටිතල පහසුකම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී අමාත්‍යාංශය ඉදිරිපත් කළ ප්‍රගති වාර්තාවක් ද උපුටා දක්වමින් ඔහු කියා සිටියේ, නාගරික සංවර්ධන සහ ප්‍රවාහන ක්ෂේත්‍රවල ප්‍රාග්ධන වියදම් ප්‍රගතිය සම්බන්ධයෙන් ගැටලු පවතින බවයි.

එමෙන්ම, ග්‍රාමීය මාර්ග සංවර්ධනය සඳහා රුපියල් බිලියන 100ක මුදලක් ලබාදෙන බවට ජනාධිපතිවරයා ප්‍රකාශ කළද, මාර්ග ඉදිකිරීම් සඳහා අවශ්‍ය බිටුමන් ඇතුළු පහසුකම් සපයා ගැනීමේදී ප්‍රායෝගික ගැටලු මතුව ඇති බව ද මරික්කාර් මහතා පෙන්වා දුන්නේය.

නාගරික සංවර්ධන අධිකාරිය හරහා මෙම වසරේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 500ක ආයෝජන ආකර්ෂණය කරගැනීමට අපේක්ෂා කළද, මේ දක්වා එම ඉලක්කය සපුරා ගැනීමට නොහැකි වී ඇති බවට ද ඔහු චෝදනා කළේය.

ප්‍රවීණ සංගීතඥ වික්ටර් රත්නායකගේ බාල සොහොයුරාගේ මළ සිරුර අතුරුගිරියේ නිවසකින් හමුවෙයි

ප්‍රවීණ සංගීතඥ වික්ටර් රත්නායකගේ බාල සොහොයුරාගේ මළ සිරුර අතුරුගිරියේ නිවසකින් හමුවෙයි

මෙවැනි තත්ත්වයක් තුළ සංවර්ධන ව්‍යාපෘති සඳහා කොතෙක් මුදල් ප්‍රතිපාදන වෙන් කළද, ඒවා නිසි පරිදි ක්‍රියාත්මක කිරීමට රාජ්‍ය යාන්ත්‍රණයට ඇති හැකියාව පිළිබඳව ප්‍රශ්න මතුවන බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

එහිදී ජනාධිපතිවරයාගේ සංවර්ධන යෝජනා විවේචනය කරමින්, “වැඩබැරි තොගයක් ඉන්නවා කියලා හිතාගෙන තමයි ජනාධිපතිතුමා මේ යෝජනා ඉදිරිපත් කළේ. හරියට පොඩි ළමයෙකුගේ සුරංගනා කතා පොතක් වගේ” යනුවෙන් ද එස්.එම්. මරික්කාර් මහතා පැවසීය.

අදාළ වියදම් ප්‍රගතිය සහ සංවර්ධන ව්‍යාපෘතිවල ක්‍රියාකාරීත්වය පිළිබඳව පාර්ලිමේන්තු කාරක සභා අවස්ථාවේදී තවදුරටත් කරුණු ඉදිරිපත් කරන බව ද ඔහු සඳහන් කළේය.

සැකකරුවෙකු අල්ලන්න පොලිසිය මහජන සහාය පතයි – මේ පුද්ගලයා ගැන දන්නවා නම් වහාම දැනුම් දෙන්න

සැකකරුවෙකු අල්ලන්න පොලිසිය මහජන සහාය පතයි – මේ පුද්ගලයා ගැන දන්නවා නම් වහාම දැනුම් දෙන්න