පන්නිපිටිය, දෙපානම අබලි යකඩ වෙළෙඳසැලක ගින්නක් [VIDEO]
By Mithu
පන්නිපිටිය, දෙපානම ප්රදේශයේ පිහිටි අබලි යකඩ මිලදී ගන්නා වෙළෙඳසැලක අද (21) පෙරවරු 9.05ට පමණ හදිසි ගින්නක් හටගෙන තිබේ.
ගින්න මැඩපැවැත්වීම සඳහා කෝට්ටේ මහ නගර සභාවට අයත් ගිනි නිවීමේ රථ තුනක් සහ කොළඹ ගිනි නිවීමේ ඒකකයට අයත් ගිනි නිවීමේ රථයක් එම ස්ථානයට යොමු කර ඇති අතර, මේ වන විටත් ගින්න නිවීමේ කටයුතු සිදු කෙරෙමින් පවතී.
ගින්න හේතුවෙන් වෙළෙඳසැලට සහ එහි තිබූ භාණ්ඩවලට අලාභහානි සිදුව ඇතත්, මෙම සිද්ධියෙන් කිසිදු ජීවිත හානියක් වාර්තා වී නොමැති බව පොලීසිය තහවුරු කළේය.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් මහරගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.