කැමරා දර්ශන අතරේ වෛද්‍ය සිසුවියක් විද්‍යාල භූමියෙන් පැහැරගෙන යයි - ඉන්දියාවේ ආන්දෝලනාත්මක සිදුවීමක් [VIDEO]
ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේ මංගලූරුහි පිහිටි වෛද්‍ය විද්‍යාලයක භූමිය තුළදී වෛද්‍ය සිසුවියක පිරිසක් විසින් බලහත්කාරයෙන් රැගෙන යන අයුරු දැක්වෙන වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතී.
මෙම සිදුවීම බ්‍රහස්පතින්දා (19) සවස කනාචූර් වෛද්‍ය විද්‍යාල පරිශ්‍රයේදී සිදුව ඇති අතර, අදාළ සිසුවිය පිරිසක් විසින් ඇදගෙන ගොස් රථයකට නංවාගෙන එම ස්ථානයෙන් පිටව යන ආකාරය වීඩියෝ දර්ශනවල දැක්වේ.
වෙනත් ආගමකට අයත් පුද්ගලයකු සමඟ ඇය පවත්වාගෙන යන සම්බන්ධතාවක් හේතුවෙන් ඇයගේම පවුලේ සාමාජිකයන් මෙම සිදුවීමට සම්බන්ධ වී ඇති බවට ද චෝදනා එල්ල වී තිබේ.
කෙසේ වෙතත්, සිද්ධියට සම්බන්ධ පුද්ගලයන් කවුරුන්ද යන්න සහ එහි සැබෑ අරමුණ කුමක්ද යන්න මෙතෙක් තහවුරු වී නොමැති අතර, පොලිසිය ඒ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇත.
මංගලූරු නගර පොලිස් කොමසාරිස් සුධීර් කුමාර් රෙඩ්ඩි මහතා සිකුරාදා (20) පොලිස් නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇත්තේ සිද්ධිය සම්බන්ධයෙන් නඩුවක් ගොනු කර විමර්ශන සිදුකර සිසුවිය සිටින ස්ථානය සොයාගන්නා ලෙසයි.
ඒ අනුව පැහැරගැනීම සම්බන්ධයෙන් පොලිසිය නඩුවක් ගොනු කර ඇති අතර, සිසුවිය සිටින ස්ථානය තහවුරු කරගැනීම සඳහා මෙහෙයුම් ආරම්භ කර තිබේ.
මෙහිදී පොලිස් කොමසාරිස්වරයා අවධාරණය කර ඇත්තේ අදාළ සිසුවිය වැඩිහිටි කාන්තාවක වන බැවින් තමන් ජීවත් විය යුතු ස්ථානය සහ තමන් සමඟ සම්බන්ධතාවක් පවත්වාගෙන යා යුතු පුද්ගලයා තීරණය කිරීමේ නීතිමය අයිතිය ඇයට ඇති බවයි.
එමෙන්ම පවුල් පසුබිම හෝ අදාළ පුද්ගලයන් අතර පවතින සම්බන්ධතාව කුමක් වුවද, වැඩිහිටි කාන්තාවකගේ කැමැත්තට එරෙහිව ඇය රැගෙන යාම අපරාධ වරදක් බව ද ඔහු පෙන්වා දී තිබේ.
A medical student was allegedly kidnapped from the campus of Kanachur Medical College in Karnataka's Mangaluru, with videos of the incident circulating on social media showing a group of people dragging her into a vehicle before driving away. @dpkBopanna https://t.co/qGHThMQAqV
— NDTV (@ndtv) November 20, 2026