තරුණයන් දෙදෙනෙක් දියේ ගිලී අතුරුදන්

Police spokesman Sinhala news
By Hashini Apr 16, 2025 06:24 AM GMT
Hashini

Hashini

Report

පානම පොලිස් වසමට අයත් පානම මෝය ආශ්‍රිත මුහුදු තීරයේ දිය නාමින් සිටි පිරිසක් අතුරින් තරුණයින් දෙදෙනෙකු දියේ ගිලී අතුරුදන් වී තිබෙනවා.

එම සිදුවීම ඊයේ සවස වාර්තා වූ බව පානම පොලීසය පවසනවා.

අතුරුදන් වූ තරුණයින් මධ්‍යම පානම, පානම ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර අවුරුදු 23 වයසේ පසු වූවන් වනවා.

පානම පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

දකුණු කැලිෆෝනියාවේදී පැවැත්වෙන ඔලිම්පික් ක්‍රිකට් තරඟ

දකුණු කැලිෆෝනියාවේදී පැවැත්වෙන ඔලිම්පික් ක්‍රිකට් තරඟ

මේ අතර හික්කඩුව පොලිස් වසමේ හික්කඩුව වරාය අසල මහජන වෙරළ තීරයේදී විදෙස් ජාතික යුවළක් දියවැළකට හසු වී මුහුදෙහි ගසාගෙන යමින් සිටියදී බේරාගෙන තිබෙනවා.

ඔවුන්ව බේරාගෙන ඇත්තේ හික්කඩුව පොලිස් ජීවිතාරක්ෂක ඒකකයට අනුයුක්ත පොලිස් පරීක්ෂක හේවගේ, උප පොලිස් පරීක්ෂක දේශප්‍රිය, පොලිස් කොස්තාපල් 96221 දුමින්ද, පොලිස් කොස්තාපල් 27794 බණ්ඩාර සහ පොලිස් කොස්තාපල් 101510 අදීෂ යන නිලධාරීන් විසිනි.

අනතුරින් බේරාගත් පිරිමි පුද්ගලයා වයස අවුරුදු 47ක් වන අතර කාන්තාව වයස අවුරුදු 46ක් වන රුසියානු ජාතික අඹු සැමි යුවළකි. 

අලි සංචරණ මාර්ග ගැන ගැසට් මඟින් තීරණයක්

අලි සංචරණ මාර්ග ගැන ගැසට් මඟින් තීරණයක්

ReeCha