නිශ්චිතව හදුනා නොගත් මළසිරුරු දෙකක් හමුවේ..

Sri Lanka Police Sri Lanka Mysterious Death
By Piyumika Sep 19, 2024 05:46 AM GMT
Piyumika

Piyumika

Report

මග්ගොන, පැලපොල්ගහවත්ත ප්‍රදේශයේ මුහුදු වෙරළට සමීප ගල්වැටිය අසල අද(19) පෙරවරුවේ නාඳුනන පිරිමි පුද්ගලයෙකුගේ මළ සිරුරක් හමු වූ බව පයාගල පොලිසිය පැවසීය.

සිව් දරු පියෙකුට අත් වුනු අවාසනාවන්ත මරණය..

සිව් දරු පියෙකුට අත් වුනු අවාසනාවන්ත මරණය..

මියගිය පුද්ගලයා කාගේ කවුද යන්න මෙතෙක් හඳුනාගෙන නොමැති බවයි පැවසෙන අතර  වයස අවුරුදු 65ක පමණ පුද්ගලයෙකු මෙලෙස මියගොස් ඇති බවයි සදහන් වනුයේ.

මුහුදු වෙරළ අයිනේ සිරුර ගොඩ ගසා තිබූ ස්ථානයට බේරුවල හදිසි මරණ පරීක්ෂක සහ පයාගල පොලිසිය, කළුතර අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිලධාරීන් පැමිණ පරීක්ෂණ සිදු කර තිබේ.

දිවයින වටා පස් දෙනෙකුට දිවි අහිමි කල මාරක අනතුරු කිහිපයක්..

දිවයින වටා පස් දෙනෙකුට දිවි අහිමි කල මාරක අනතුරු කිහිපයක්..

එම මෘත ශරීරය පිළිබඳ මූලික මරණ පරීක්ෂණය බේරුවල හදිසි මරණ පරීක්ෂකවරයා විසින් සිදු කිරීමෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණයට හා සිරුර හඳුනා ගැනීමට කළුතර නාගොඩ ශික්‍ෂණ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කරන ලෙස පයාගල පොලිසියට දැන්වූ බව හදිසි මරණ පරීක්ෂකවරයා මාධ්‍යයට පැවසූ බවයි වාර්තාකරු සඳහන් කළේ.

මේ අතර කුරුණෑගල – පුත්තලම තිත්තවැල්ල වැවේ ගිලී තිබූ නාඳුනන පුද්ගලයෙකුගේ මළසිරුරක් ගොඩගෙන තිබේ.

බහින්බස් වීමක් මරණයකින් කෙලවර වුණු හැටි..

බහින්බස් වීමක් මරණයකින් කෙලවර වුණු හැටි..

අද පෙරවරුවේ මෙම මළසිරුර ප්‍රදේශවාසීන් විසින් පොලිසියට සිදු කරන ලද දැනුම්දීමක් මත ගොඩගෙන ඇති අතර  මෙලෙස මියගොස් ඇත්තෙ කවුරුන් දැයි මෙතෙක් නිශ්චිත ව හඳුනාගෙන නැත.