තැන් තැන්වලින් හමුවන නාඳුනන මළ සිරුරු

By Hashini May 16, 2025 03:48 AM GMT
Report

ඇඹිලිපිටිය ප්‍රදේශයෙන් නිවසක නිදන කාමරයේ ඇඳක් මත පුද්ගලයෙකු සැකසහිත ලෙස මියගොස් සිටින බවට ඇඹිලිපිටිය පොලීසියට ලද පණිවුඩයක් අනුව විමර්ශන ආරම්භ කර තිබෙනවා.

මෙම පුද්ගල මළසිරුර ඊයේ (15) රාත්‍රී කාලයේදී ඇඹිලිපිටිය පොලිස් වසමේ හල්මිල්ලකැටිය ප්‍රදේශයේ නිවසක් තුළදී සොයාගෙන තිබෙනවා.

මියගිය පුද්ගලයා වයස අවුරුදු 45ක් වන තුංකම, ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර මරණකරු මීට වසර 08 කට පමණ පෙර සිට බිරිඳගෙන් හා දරුවාගෙන් වෙන්වී තනිව නිවසේ පදිංචිව සිටි අයෙකි.

මෙම මරණය දින කිහිපයකට පෙර සිදුවී ඇති බවටද නිරීක්ෂණය වූ බවයි පොලීසිය සඳහන් කළේ මෙය මනුෂ්‍ය ඝාතනයක්ද යන්න සම්බන්ධයෙන් අනාවරණය කරගැනීම සඳහා ඇඹිලිපිටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

බලය ලබා ගන්න තාමත් සාකච්ඡා...හෙටත් විශේෂ දවසක්...

බලය ලබා ගන්න තාමත් සාකච්ඡා...හෙටත් විශේෂ දවසක්...

මේ අතර ඊයේ (15) රාත්‍රී කාලයේදී පස්සර පොලිස් වසමේ දුම්මලතැන්න ප්‍රදේශයේ පුද්ගලයෙකු නිවස ඉදිරිපිට බෑවුම් සහිත ස්ථානයක සැකසහිත ලෙස මියගොස් සිටියදි සොයාගෙන තිබෙනවා.

මරණකරු වයස අවුරුදු 41ක් වන අඹතැන්න, පස්සර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මෘතශරීරය මහේස්ත්‍රාත් පරික්ෂණය සඳහා සිද්ධියවූ ස්ථානයේ පොලිස් ආරක්ෂාව යටතේ ඇති අතර පස්සර පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා. 

ප්‍රතිකාර කරන්න විදුහල්පතිගේ ලියුමක් ඕනියැයි කියූ දොස්තර.....

ප්‍රතිකාර කරන්න විදුහල්පතිගේ ලියුමක් ඕනියැයි කියූ දොස්තර.....