ප්‍රතිකාර කරන්න විදුහල්පතිගේ ලියුමක් ඕනියැයි කියූ දොස්තර.....

By Hashini May 16, 2025 02:13 AM GMT
Report

 ඊයේ (15) හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් හෙම්මාතගම රජයේ රෝහලට ගෙන ගිය පාසල් සිසුවකු විදුහල්පතිවරයාගේ ලිපියක් නොමැතිව ප්‍රතිකාර ලබාදීමට නොහැකි බවට හෙම්මාතගම රෝහලේ වෛද්‍යවරියක් පැවැසීමත් සමග එම සිසුවා ත්‍රීවීල් රථයකින් නැවත මාවනැල්ල රෝහලට රැගෙන යෑමේ අවසානාවන්ත සිදුවීමක් වාර්තා වුණා.

එම සිසුවා හෙම්මාතගම පල්ලිපොරුව මුස්ලිම් විද්‍යාලයේ 4 වසරේ ඉගෙනුම ලබා තිබෙනවා.

සිසුවාට හදිසි රෝගී තත්ත්වයක් ඇතිවීම නිසා පාසලේ ගුරුවරයකු විසින් දරුවාගේ පියාට ඒ පිළිබඳව දැනුම් දී ඇත.

මුම්බායි ඉන්දියන්ස් ඇස චරිත් අසලංක දෙසට යොමුවන ලකුණු

මුම්බායි ඉන්දියන්ස් ඇස චරිත් අසලංක දෙසට යොමුවන ලකුණු

ත්‍රීවීල් රථ රියැදුරකු ලෙස සේවය කරන පියා කඩිනමින් පාසල වෙත ගොස් එම සිසුවා හෙම්මාතගම ප්‍රාදේශීය රෝහල වෙත රැගෙන ගොස් තිබෙන්නේ ප්‍රතිකාර ලබා ගැනීමේ අරමුණින්.

දරුවා ඒ වන විටත් වෙව්ලමින් වමනයද දමා තිබිණි. වෛද්‍යවරිය වෙත පාසල් ඇඳුමෙන් සැරසී සිටි දරුවා රැගෙන ගිය අවස්ථාවේ පාසල් බෑගය නොමැති බව පවසා බෙහෙත් ලබාදීම ප්‍රතික්ෂේප කර ඇති අතර පසුව විදුහල්පතිවරයාගේ ලිපියක් නොමැතිව බෙහෙත් ලබාදීමට නොහැකි බව පසුව පවසා ඇත.

ඉන් අසරණ තත්ත්වයට පත් පියා දරුවා රැගෙන මහත් කම්පාවෙන් කිලෝමීටර් 14 ක් පමණ දුරකින් පිහිටි මාවනැල්ල රජයේ රෝහල වෙත කඩිනමින් රැගෙන ගොස් තිබෙනවා.

පසුව එම දරුවාගේ පියා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවැසුවේ මුදල් ඇත්නම් දරුවා පෞද්ගලික රෝහලකට රැගෙන යන බවයි.

මේ ප්‍රදේශ වලට අදත් මහ වැසි ..

මේ ප්‍රදේශ වලට අදත් මහ වැසි ..