බලය ලබා ගන්න තාමත් සාකච්ඡා...හෙටත් විශේෂ දවසක්...
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමඟ විපක්ෂයේ පක්ෂ ලේකම්වරුන්ගේ හමුවක් හෙට දිනයේ සිදු වීමට නියමිතයි.
ඒ පළාත් පාලන ආයතන වල බලය පිහිටුවීම සඳහායි.
ඊයේ රාත්‍රියේ ද මේ පිළිබඳව සාකච්ඡා කොට තිබෙනවා.
පසුගියදා පැවතී පළාත් පාලන මැතිවරණයෙන් කිසිදු පක්ෂයකට බහුතර සභික සංඛ්‍යාව වූ 50% ඉක්මවූ ප්‍රතිශතයක් ලබා ගැනීමට නොහැකි වුණා.
මෙම සාකච්ඡා ආරම්භ කෙරුණේ පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමට දේශපාලන පක්ෂ එක්ව කටයුතු කිරීම වෙනුවෙන්.
ඊයේ රාත්‍රියේ සිදු කරන ලද සාකච්ඡාවට සමගි ජන බලවේගය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහභාගී වී නොමැති බවයි වාර්තා වන්නේ.