රටේ තැන් දෙකක දරුණු මාරක අනතුරුවලින් පුද්ගලයන් දෙදෙනෙක් ජීවිතක්ෂයට

Report

රට පුරා සිදුවූ මාරක රිය අනතුරු දෙකකින් පුද්ගලයින් දෙදෙනෙකු මිය ගොස් ඇති බව වාර්තා වේ.

ඒ අනුව පොලීසිය ප්‍රකාශ කළේ මෙම අනතුරු ඊයේ (14) දිනයේදී සිදුව තිබෙන බවයි.

ඉන් එක් අනතුරක් ඊයේ රාත්‍රි කාලයේදී තිරුක්කෝවිල් පොලිස් වසමේ අක්කරපත්තු පොතුවිල් මාර්ගයේ තම්බිලුවිල් ප්‍රදේශයේදී අක්කරපත්තුව දෙස සිට පොතුවිල් දෙසට ධාවනය වූ මෝටර් රථයක් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි යතුරුපැදියක ගැටීමෙන් සිදුව තිබෙනවා.

එහිදී අනතුරින් පසු මෝටර් රථය නොනවත්වා ධාවනය කර තිරුක්කෝවිල් තම්බිලුවිල් මාර්ගයේදී රියදුරු මෝටර් රථය දමා පලාගොස් ඇති බව වාර්තා වුණා.

තෙල් මිලට මොකද වෙන්නේ - ආයේ තෙල් ගන්නේ ඇමරිකාවෙන් අරාබියෙන් නෙමෙයිලු

තෙල් මිලට මොකද වෙන්නේ - ආයේ තෙල් ගන්නේ ඇමරිකාවෙන් අරාබියෙන් නෙමෙයිලු

කෙසේ වෙතත් මෙම අනතුරින් යතුරුපැදියේ පැදිකරු සහ පසු පැදිකාරිය බරපතළ ලෙස තුවාල ලබා තිරුක්කෝවිල් රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව පසුපැදිකාරිය මිය ගිය බව වාර්තා වේ.

ඒ අනුව අනතුරින් මෙසේ මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 24ක් වූ අක්කරපත්තුව ප්‍රදේශයේ පදිංචිකාරියක් බව සඳහන්.

එසේම පොලීසිය සඳහන් කළේ පලා ගිය මෝටර් රථයේ රියදුරු අත්අඩංගුවට ගැනීමට තිරුක්කෝවිල් පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකර බවයි.

එමෙන්ම ඊයේ උදෑසන කාලයේදී උප්පුවේලි පොලිස් වසමේ ත්‍රිකුණාමලය අඹේපුස්ස මාර්ගයේ අනුරාධපුර හන්දිය අසලදි 04 කණුව දෙස සිට ත්‍රිකුණාමලය දෙසට ධාවනය වූ යතුරුපැදියක් මාර්ගයේ පදික මාරුව මතින් ගමන් කළ පුද්ගලයෙකුගේ ගැටී දරුණු අනතුරක් සිදුව ඇති බව ද වාර්තා වේ.

අද මේ ලග්නවලට වස්තු සැප සම්පත් දෝරෙ ගලන අතමිට සරුවෙන දවසක්

අද මේ ලග්නවලට වස්තු සැප සම්පත් දෝරෙ ගලන අතමිට සරුවෙන දවසක්

ඒ අනතුරින් පදික පුද්ගලයා, යතුරුපැදිකරු සහ පසුපැදිකාරිය යන තිදෙනාම බරපතළ තුවාල ලබා ත්‍රිකුණාමලය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව පදික පුද්ගලයා මියගොස් ඇත.

එසේ මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 71ක් වූ සාම්පූර් නැගෙනහිර, මූතූර් ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව සඳහන්.

විදේශ ගමන් බලපත්‍ර ගන්න ඉන්න අයට සුභ ආරංචියක්

විදේශ ගමන් බලපත්‍ර ගන්න ඉන්න අයට සුභ ආරංචියක්