තිබ්බ ආණ්ඩුවලින් අපරිණතම ආණ්ඩුව මාලිමා ආණ්ඩුව, වැඩිය නැටුවොත් නේපාලෙට වුණ දේ වෙන්නත් බැරි නෑ - දේවසිරි [VIDEO]
ශ්‍රී ලංකාවේ මෙතෙක් පැවති ආණ්ඩුවලින් අපරිණතම ආණ්ඩුව වර්තමාන ජාතික ජන බලවේග ආණ්ඩුව බව කොළඹ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා ප්‍රකාශ කරයි.
ඒ අනුව ඔහු චෝදනා කරන්නේ නූතන ආණ්ඩු කරන ඉතිහාසය තුළ ලංකාවේ ඇති වූ අපරිණතම ආණ්ඩුව මෙම ආණ්ඩුව බවයි.
එසේම මෑත කාලයේ නේපාලයේ තරුණ නැගිටීම සිදුවන්නේ එරට වාමාංශික ආණ්ඩුවක් තිබියදීම බවද මහාචාර්යවරයා පවසයි.
එබැවින් එය ලංකාවේ මාලිමා ආණ්ඩුවටත් සිදුවීමට බැරි නැති බවද පවසා සිටිනවා. තවද ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ එසේ කරගන්නවාද නැද්ද යන්න තීරණය කරගත යුත්තේ ආණ්ඩුව විසින්ම බවයි.
මහාචාර්ය නිර්මාල් රංජිත් මහතා විසින් මෙම අදහස් දක්වා සිටියේ තම සමාජ ජාල ගිණුමේ වීඩියෝවක් මුදා හරිමින්.