පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ ගැන විශේෂ දැනුම්දීමක්
පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළේ නවීකරණ කටයුතු අද (15 වැනිදා) දින ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව බස් නැවතුම්පොළ 50ක් නවීකරණය කිරීමේ රජයේ වැඩසටහන යටතේ මෙම බස් නැවතුම්පොළ පූර්ණ ප්‍රතිසංස්කරණයකට ලක් කෙරෙන අතර එහි වගකීම භාර දී ඇත්තේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට බව සඳහන්.
එසේම මෙහි නවීකරණ කටයුතු සඳහා රුපියල් කෝටි හතළිස් හයහමාරක වියදමකින් සිදු කරන බව ද වාර්තා වේ.
මේ අතර බස් නැවතුම්පොළ සඳහා නව විවේකාගාර, තොරතුරු සන්නිවේදන ස්ථාන, ආරක්ෂක පද්ධති, නවීන ආසන සහ අභ්‍යන්තර මාර්ග ද ඉදිකිරීමට නියමිතව තිබෙනවා.
තවද වාර්තා වූ ආකාරයට නවීකරණ කටයුතු හේතුවෙන් බස් නැවතුම්පොළ මාස අටක පමණ කාලයක් වසා දමයි.
එනිසා ලංගම බස් රථ ධාවනය වන්නේ ගුණසිංහපුර බෝධිරාජ මාවතේ පිහිටි බස් නැවතුම්පොළේ සිට බව වාර්තා වේ.
කෙසේ වෙතත් ඊට අදාළ දැන්වීම් පුවරු ද සවිකර තිබෙන අතර එළඹෙන වසරේ අප්‍රේල් මාසය අවසන් වීමට පෙර පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළේ නවීකරණ කටයුතු අවසන් කිරීමට ද සැලසුම් කර ඇති බව වාර්තා වේ.