හැමෝම හම්බෙනකල් බලන් ඉන්න ත්‍රිපෝෂ ගැන හෙළිදරව්වක්

Report

ජාතික විගණන කාර්යාලය නිකුත් කොට තිබෙන විගණන වාර්තාවක ප්‍රාදේශිය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාල ඇතුළු රෝහල් සහ ආයතන 38කට ත්‍රිපෝෂ මාස්ටර් බෑග් හාරලක්ෂ අනුතුන්දහස්,නමසියපහක (493,905) අවශ්‍යතාවයක් පැවතියද පහුගිය වර්ෂය තුළ (2024) බෙදාහැර ඇත්තේ ත්‍රිපෝෂ මාස්ටර් බෑග් දෙලක්ෂ හැත්තෑහතර දහස් එකසියඅනුඅටක් (274,198) පමණක් බව වාර්තා වේ.

ඒ අනුව එය මුළු අවශ්‍යතාවයෙන් සියයට 55.51ක් වේ.

විදේශ ගමන් බලපත්‍ර ගන්න ඉන්න අයට සුභ ආරංචියක්

විදේශ ගමන් බලපත්‍ර ගන්න ඉන්න අයට සුභ ආරංචියක්

එසේම විගණනය මගින් හෙළි කර ඇත්තේ අනුරාධපුර,මහනුවර,නුවරඑළිය,බේරුවල සහ කළුතර යන ප්‍රාදේශිය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාල හා ආයතනවල අවශ්‍යතාවයෙන් බෙදාහරිනු ලැබු ත්‍රිපෝෂ බෑග් ප්‍රමාණය සියයට 50ට වඩා අඩු ප්‍රතිශතයක් බවයි.

මෙරට මන්දපෝෂණය තුරන් කර නිරෝගි ජාතියක් ගොඩනැගිමේ අරමුණින් පෝෂණ අවශ්‍යතා ඇති සෑම ගැබිණි සහ කිරිදෙන මව්වරුන් ඇතුළු අපේක්ෂිත ප්‍රතිලාභින්ට ත්‍රිපෝෂ නිෂ්පාදනය කොට නොමිලේ බෙදාහැරිම ත්‍රිපෝෂ සමාගමේ ප්‍රධාන කාර්යභාර්ය යනුවෙන් සඳහන්.

එවැනි පසුබිමක ත්‍රිපෝෂ බෙදාහැරිමේ කාර්යය මෙසේ ඉතා අකාර්යක්ෂම ලෙස පැවති බව විගණන වාර්තාවේ පවසයි.

එබැවින් විගණනය මගින් නිර්දේශකොට ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යංශය හා ත්‍රිපෝෂ සමාගම එක්ව ත්‍රිපෝෂ බෙදාහැරිමේ විධිමත් යාන්ත්‍රණයක් සකස්කොට ක්‍රියාත්මක කළ යුතු බවයි.

අද මේ ලග්නවලට වස්තු සැප සම්පත් දෝරෙ ගලන අතමිට සරුවෙන දවසක්

අද මේ ලග්නවලට වස්තු සැප සම්පත් දෝරෙ ගලන අතමිට සරුවෙන දවසක්

මහින්ද ආපහු කොළඹට අනුර ආපහු ගමට.. - සංජීවයි නාමලුයි කියන කතා

මහින්ද ආපහු කොළඹට අනුර ආපහු ගමට.. - සංජීවයි නාමලුයි කියන කතා