ජනපති එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට යන්න සැරසෙයි
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සහභාගී වීම වෙනුවෙන් එළඹෙන සැප්තැම්බර් 22 වැනිදා ඇමරිකා එක්සත් ජනපදය බලා පිටත්ව යාමට නියමිතව ඇති බවට තොරතුරු වාර්තා වන බව සඳහන්.
ඒ අනුව අඳාළ සංචාරය අතරතුරදී ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් ඇතුළු විවිධ රටවල රාජ්‍ය නායකයින් හා ඉහළ පෙළේ නිලධාරීන් හමුවී ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට බලාපොරොත්තු වන බව ද පවසයි.
එමෙන්ම ඇමරිකා සංචාරය අවසන් කිරීමෙන් අනතුරුව ජනාධිපතිවරයා එළඹෙන සැප්තැම්බර් 26 වැනිදා ජපානය බලා පිටත්වීමට නියමිතව ඇති බව ද ඇතැම් ආරංචි මාර්ග පවසයි.
ඒ ජපාන රජයේ ආරාධනයක් අනුව රාජ්‍ය සංචාරයක් උදෙසා බව සඳහන්. ඒ අනුව වාර්තා වූයේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජපානයේදී, මේ මස 27 වැනි දින පැවැත්වෙන ලෝක ප්‍රදර්ශන ජාත්‍යන්තර වෙළඳ ප්‍රදර්ශනයට සහභාගී වීමට නියමිත බවයි.
එසේම ජපානයේ ඉහළ නිලධාරීන් සමඟ ද සාකච්ඡා පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.