අද ඉඳලා විදුලිය බිඳ වැටුනොත් කරන්න දෙයක් නෑ, ලංවීමෙන් රටටම අනතුරු ඇඟවීමක්

Report

ලංකා විදුලිබල මණ්ඩලයේ සේවක සේවිකාවන් ලෙඩ නිවාඩු දමා වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට සූදානම් වන බව එම වෘත්තිය සමිති නායකයෝ ඊයේ (14 වැනිදා) දින ප්‍රකාශ කළා.

ඒ අනුව මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇත්තේ ලංකා විදුලිබල මණ්ඩලය කොටස් කර සමාගම් කිහිපයක් බවට පත්කිරීමට ආණ්ඩුව ගෙන ඇති තීරණයට විරෝධය පළ කිරීමට බව වාර්තා වේ.

මේ අතර ආණ්ඩුවේ තීරණයට විරෝධය දක්වමින් වෘත්තීය සමිති මීට සතියකට පෙර සිට ආරම්භ කළ අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය තවදුරටත් ක්‍රියාත්මක වෙමින් පවතී.

විදේශ ගමන් බලපත්‍ර ගන්න ඉන්න අයට සුභ ආරංචියක්

විදේශ ගමන් බලපත්‍ර ගන්න ඉන්න අයට සුභ ආරංචියක්

එසේම ඉදිරි වෘත්තීය සමිති ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කිරීමට වෘත්තීය සමිති විසිපහක විධායක සභා සාමාජිකයෝ ඊයේ (14 වැනිදා) දින පස්වරුවේ වෙන වෙනම රැස්වූ බව සඳහන්.

ඒ අනුව එම අවසථාවේ ගත් තීරණය ඒකාබද්ධ වෘත්තීය සමිති සම්මේලනයට ඉදිරිපත් කළ අතර එහි විධායක කමිටුව ඊයේ (14 වැනිදා) දින රාත්‍රියේ රැස්වී අවසන් තීන්දුව ගැනීමට නියමිතව තිබූ බව පවසයි.

එබැවින් ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයන් මේ වන විට ආරම්භ කර ඇති අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට හෙට (16 වැනිදා) දින වන විට සාධනීය ප්‍රතිචාරයක් නොලැබුනහෙත් අනිද්දා (17 වැනිදා) දින සිට ලෙඩ නිවාඩු වාර්තා කිරීමට වෘත්තීය සමිති විධායක සභා සාකච්ඡාවලදී යෝජනා වී ඇති බව සඳහන්.

මේ අතර අද (15 වැනිදා) පස්වරු 4.15 සිට සිදුවන විදුලිය බිඳ වැටීම් යාවත්කාලීන කිරීමට සේවක මැදිහත්වීමද සීමා කෙරෙන අතර ඇතැම් අමතර රාජකාරිවලින් ඉවත් වීමටද වෘත්තීය සමිති තීරණය කර තිබෙන බව ප්‍රකාශ කරයි.

තෙල් මිලට මොකද වෙන්නේ - ආයේ තෙල් ගන්නේ ඇමරිකාවෙන් අරාබියෙන් නෙමෙයිලු

තෙල් මිලට මොකද වෙන්නේ - ආයේ තෙල් ගන්නේ ඇමරිකාවෙන් අරාබියෙන් නෙමෙයිලු

එමෙන්ම මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවන්, තාක්ෂණ ශිල්පීන් ඇතුළු විවිධ ක්ෂේත්‍රවල සේවක සේවිකාවෝ විසිදහසක් පමණ අවතිර්ණ වී සිටින බව ද සඳහන්.

තවද රට පුරා රෝහල් ඇතුළු අත්‍යවශ්‍ය සේවා කටයුතු වෙනුවෙන් සේවක මැදිහත්වීම තවදුරටත් එලෙසම ක්‍රියාත්මක වේ.

කෙසේ වෙතත් ලංකා විදුලිබල මණ්ඩලයේ ජනතා විමුක්ති පෙරමුණට අයත් වෘත්තීය සමිතිය වන ලංකා විදුලි සේවක සංගමය මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය වර්ජනය කර තිබෙන බව වාර්තා වේ.

ඒ අනුව එම සංගමයේ හිටපු සභාපති කඩුවෙල මහ නගර සභාවේ නගරාධිපති රන්ජන් ජයලාල් විසින් කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී තමන්ට විදුලිබල මණ්ඩලයේ වැඩ අදාළ නැති බව පවසා ඇත.

අද මේ ලග්නවලට වස්තු සැප සම්පත් දෝරෙ ගලන අතමිට සරුවෙන දවසක්

අද මේ ලග්නවලට වස්තු සැප සම්පත් දෝරෙ ගලන අතමිට සරුවෙන දවසක්