අපරාධකරුවන්ට සහ දේශපාලනඥයන්ට අයත් කෝටි 500ක වත්කම් අත්හිටුවයි
මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා විසින් ප්‍රකාශ කරන ආකාරයට මෙම වසරේ ජනවාරි මාසයේ සිට මේ දක්වා, සංවිධානාත්මක අපරාධකරුවන් නීතිවිරෝධී ආකාරයට උපයා ගත් රුපියල් කෝටි 500කට ආසන්න වත්කම් තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.
ඒ අනුව එම මුදල රුපියල් 4,529,781,238.41ක් බව සඳහන්. මේ අතර මෙම වත්කම් අතරට දේශපාලනඥයන්ට අයත් දේපළද ඇතුළත් බවට අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇති බව සඳහන්.
එසේම මෑතකදී පාර්ලිමේන්තුවේ සම්මත වූ ‘අපරාධයකින් උපයාගත් දේපොළ අත්හිටුවීම පිළිබඳ පනත’ මගින් ලැබී ඇති බලතල ප්‍රකාරව අපරාධකරුවන්ගේ වත්කම් සම්බන්ධයෙන් විමර්ශන අඛණ්ඩව සිදු කෙරෙන බව වාර්තා වේ.
මේ අතර මෙම නව පනත යටතේ, නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු යටතේ විශේෂ ඒකකයක් පිහිටුවීමට සහ අපරාධකරුවන්ගේ දේපොළ භාරකාරීත්වය වෙනුවෙන් අධිකාරියක් ස්ථාපිත කිරීමට දැනටමත් කටයුතු යොදා ඇති බව සඳහන්.
එබැවින් මෙම කාර්යයට පොලිස් අධ්‍යක්ෂවරයෙකු ද පත් කර ඇති බව අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සඳහන් කළා.