ආණ්ඩුව රාජ්ය බැංකු පද්ධතිය විකුණන්න හදනවා මේ ආණ්ඩුව හුදෙක් රූකඩයක් විතරයි - ගයන්ත
ආණ්ඩුව මඟින් රාජ්ය බැංකු පද්ධතිය විකුණා දැමීමට සැලසුම් කර ඇති බව ආර්ථික විශ්ලේෂක ගයන්ත දෙහිවත්ත මහතා ප්රකාශ කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව ඔහු මෙම අදහස් පළ කර ඇත්තේ පුවත්පතක් සමග සාකච්ඡාවකට එක්වෙමින් බව සඳහන්.

තිබ්බ ආණ්ඩුවලින් අපරිණතම ආණ්ඩුව මාලිමා ආණ්ඩුව, වැඩිය නැටුවොත් නේපාලෙට වුණ දේ වෙන්නත් බැරි නෑ - දේවසිරි
එහිදී ඔහු අදහස් දක්වා ඇත්තේ,
"මහ බැංකුවෙන් උද්ධමනය සියයට 5ක මට්ටමක තබා ගැනීම අපේක්ෂා කරලා තිබුණා. නමුත් අපේක්ෂිත මට්ටමේ උද්ධමනය රඳවා ගැනීමට මහ බැංකුවට හැකියාවක් ලැබුණේ නැහැ. ඒත් ඉඩ කඩම්, යාන වාහන සහ කොටස් වෙළෙඳපොළේ මිල බලා සිටියදී ඉහළ යනවා. ඒ අනුව ජනතාවගේ ආදායමෙන් වැඩි කොටසක් ණය සහ පොලී හැටියට බැංකු පද්ධතියට ඇදී යනවා. ඒ අනුව රටේ බැංකුකරුවනුයි, බදු සහ දඩ ලෙස රජයත් විසින් ජනතාව හූරා කෑමකට ලක් කරනවා. ඒ අතරේ ආණ්ඩුව රාජ්ය බැංකු පද්ධතිය විකුණන්න හදනවා. මේක තමයි ණය හිමියාගේ සැලසුම. මේක අපේ රටට ගැළපෙන වැඩපිළිවෙළක් නෙමෙයි. මේ ආණ්ඩුව හුදෙක් රූකඩයක් විතරයි" යනුවෙන්.