මූත්‍රා කරන්න එළි පෙහෙළියට යන්නත් බයේ බෑ මේ ආණ්ඩුව අල්ලලා නඩු දානවා - මහේෂ්
සමගි ජන බලවේගයේ සාමාජික මහේෂ් සේනානායක මහතා විසින් වත්මන් ආණ්ඩුව ගෙන යන වැඩ පිළිවෙල තුළ මූත්‍රා කිරීමට එළි පෙහෙළියට යෑමටද බිය උපදවන තත්වයක් නිර්මාණය වී ඇති බව ප්‍රකාශ කරයි.
ඒ අනුව ඔහු සඳහන් කළේ එළි පෙහෙළියේ මූත්‍රා කිරීමද පරිසර දූෂණය කිරීමක් වශයෙන් සලකා නඩු පවරන තත්වයකට රට ගෙන ගොස් ඇති බවයි.
මහේෂ් සේනානායක මහතා මේ බව සඳහන් කළේ ඊයේ (14) දින සමගි ජන බලවේගයේ මාධ්‍ය හමුවක් අමතමින් බව සඳහන්.
එසේම ඔහු විසින් ආණ්ඩුව වෙනත් පාර්ශවයන්ගේ වංචා දූෂණ සොයමින් සිටිනා නමුත් බහාලුම් සම්බන්ධ ගැටළුව සහ ලුනු වංචාව ආදී සිදුවීම් සම්බන්ධයෙන් නිහඬ පිළිවෙතක් අනුගමනය කරනා බවට ද චෝදනා කරයි.
එමෙන්ම විපක්ෂය නිහඬ කිරීමේ උත්සාහයක ආණ්ඩුව නියැලී සිටිනා බවත් ඔහු සඳහන් කරයි.
ඒ අනුව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ එක රටක් එක පක්ෂයක් යන සන්දර්භයට මෙය සම්පූර්ණයෙන් විරුද්ධ බවයි.
