මරදාන දුම්රිය ස්ථානයේත් අද වැඩ ඇරඹෙයි

Report

කොළඹ නගරයේ පිහිටි පැරණිතම හා ඓතිහාසික වටිනාකම් සහිත දුම්රිය ස්ථානයක් වන මරදාන දුම්රිය ස්ථානයේ නවීකරණ කටයුතු අද (15) දින ආරම්භ වන බව පවසයි.

ඒ දුම්රිය මගීන්ට පහසුකම් සැලසීමේ අරමුණින් ක්‍රියාත්මක වන සිහින ගමනාන්තය ව්‍යාපෘතිය යටතේ බව සඳහන්.

මෙම මරදාන දුම්රිය ස්ථානය යනු කොළඹ දිස්ත්‍රික්කයේ පිහිටි දුම්රිය ස්ථාන අතරින් දෙවැනි විශාලතම දුම්රිය ස්ථානයයි.

පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ ගැන විශේෂ දැනුම්දීමක්

පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ ගැන විශේෂ දැනුම්දීමක්

මෙහි ඉතිහාසය බ්‍රිතාන්‍ය යටත් විජිත සමය දක්වා දිවෙන අතර මරදාන දුම්රිය ස්ථානය මුල් කාලයේදී උඩරට සිට කොළඹ දක්වා තේ ප්‍රවාහනය සඳහා යොදාගෙන ඇති බව වාර්තා වේ.

1889 දී පමණ කුඩා දැවමය ව්‍යූහයක් සහිතව ස්ථාපිතව ඇති මරදාන දුම්රිය ස්ථානය පසු කාලීනව ප්‍රධාන දුම්රිය ස්ථානයක් බවට පත්ව ඇත.

එමෙන්ම පසු කාලීනව භාණ්ඩ ප්‍රවාහනය වෙනුවෙන් පහසුකම් සැපයීමේ අවශ්‍යතාව සමග සාලි මරික්කාර් නමැති ගෘහ නිර්මාණශිල්පියා මෙම මරදාන දුම්රිය ස්ථානය නිර්මාණය කර ඇති බව ද පවසයි.

කෙසේ වෙතත් වර්තමානයේ දුම්රිය මගී යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ අරමුණින් මරදාන දුම්රිය ස්ථානයේ පෞරාණිකත්වයට හානි නොවන ආකාරයට තෝරාගත් කොටස් කිහිපයක් පමණක් සිහින ගමනාන්තය ව්‍යාපෘතිය යටතේ පුද්ගලික අංශයේ ද දායකත්වය ඇතිව නවීකරණය කිරීමට සැලසුම් කර ඇති බව සඳහන්.

තෙල් මිලට මොකද වෙන්නේ - ආයේ තෙල් ගන්නේ ඇමරිකාවෙන් අරාබියෙන් නෙමෙයිලු

තෙල් මිලට මොකද වෙන්නේ - ආයේ තෙල් ගන්නේ ඇමරිකාවෙන් අරාබියෙන් නෙමෙයිලු

විදේශ ගමන් බලපත්‍ර ගන්න ඉන්න අයට සුභ ආරංචියක්

විදේශ ගමන් බලපත්‍ර ගන්න ඉන්න අයට සුභ ආරංචියක්