රෝගීන් වැඩි වශයෙන් භාවිතයට ගන්නා ඖෂධ 02ක් මෙරට නිෂ්පාදනයට පියවර
රෝගීන් වැඩි වශයෙන් භාවිතයට ගන්නා තවත් ඖෂධ 02ක් මෙරටදීම නිෂ්පාදනය කිරීමට ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව පියවර ගෙන තිබෙනවා ඒ, ට්‍රැමඩොල් මිලිග්‍රෑම් 50 සහ තයිරොක්සින් මිලිග්‍රෑම් 50 යන ඖෂධ 02යි.
ට්‍රැමඩොල් ඖෂධය වේදනා නාශකයක් ලෙස වෛද්‍ය අනුමැතිය මත ලබා දෙන අතර තයිරොක්සින් ඖෂධය තයිරෝයිඩ් ග්‍රන්ති හා සම්බන්ධ රෝගවලට භාවිත කරනවා.
මෙරට රෝගින් සදහා ට්‍රැමඩොල් මිලිග්‍රෑම් 50 ඖෂධය වසරකට මිලියන 09ක් පමණ අවශ්‍ය වනවා. තයිරොක්සින් මිලිග්‍රෑම් 50 ඖෂධය රෝහල් පද්ධතිය වෙත මිලියන 98ක ප්‍රමාණයක් සහ මිලිග්‍රෑම් 100 මිලියන 32ක් පමණ අවශ්‍ය වනවා.
ට්‍රැමඩොල් මිලිග්‍රෑම් 50 ඖෂධය වෛද්‍ය සැපයුම් අංශය මගින් රෝහල් පද්ධතියට සහ රාජ්‍ය ඔසුසැල් වෙතින් පමණක් ලබාදිමට නියමිතයි.
තයිරොක්සින් මිලිග්‍රෑම් 50 ඖෂධය වෛදය සැපයුම් අංශය මගින් රෝහල් පද්ධතියට ලබා දිමට නියමිත අතර පසුව එය පෞද්ගලික අංශය මඟින්ද ලබා ගත හැකිවනු ඇති.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |