පොලීසියට හොර රහසින් මිහින්තලේ සැකකරුවන් දෙදෙනෙකු පනී
By Kanchana
අයිස් මත්ද්රව්ය සමග මිහින්තලේ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන පොලිස් සිරමැදිරියේ රඳවා සිටි සැකකරුවන් දෙදෙනෙකු ඉන් පැනගොස් ඇත.
අයිස් මත්ද්රව්ය සමග වයස අවුරුදු 29ක් සහ අවුරුදු 30ක් වයැසැති මිහින්තලේ අඹතලාගම පදිංචි සැකකරුවන් දෙදෙනෙකු මිහින්තලේ පොලිසිය විසින් ඊයේ දින අත්අඩංගුවට ගෙන තිබුණි.
ඒ අනුව සැකකරුවන් දෙදෙනාට නඩු පවරා තිබූ අතර, අද දින අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව සිටි බව සදහන්ය.
මිහින්තලේ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්ද්‍රසිරි රංජිත් මහතා ප්‍රකාශ කළේ සැකකරුවන් දෙදෙනා අද (04) අලුයම රඳවා සිටි සිරමැදිරියේ දමා තිබූ අගුල ගලවා පැනගොස් ඇති බවයි .
පලාගිය සැකකරුවන් සොයා විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් මේ වනවිට විමර්ශන ආරම්භ කර තිබේ .