ජනප්‍රිය නිළියගේ පැටිකිරිය එළියට - බොරු ලේබල් ගහලා හෙයා ඔයිල් එකක් විකුණලා

Report

ඖෂධ නියාමන අධිකාරියේ (NMRA) අනුමැතිය ලැබී ඇති බව ව්‍යාජ ලෙස සඳහන් කරමින් Hair Miracle හිසකෙස් ආලේපන වර්ගයක් අන්තර්ජාලය ඔස්සේ (online) අලෙවි කළ ප්‍රසිද්ධ රංගන ශිල්පිනියකට අයත් සමාගමක් සහ වෙනත් සමාගමකට මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය විසින් රුපියල් 40,000ක දඩ මුදලක් නියම කර ඇත.

පරීක්ෂණයකදී අනාවරණය වී ඇත්තේ, මෙම නිෂ්පාදනයට NMRA අනුමැතිය ලබා නොදී ඇති අතර, එය ලබා ඇති බව ලේබලයේ සඳහන් කර තිබීම සහ නිෂ්පාදකයාගේ සම්පූර්ණ ලිපිනය හෝ දුරකථන අංකය ඇසුරුම්වල සඳහන් නොවීමයි.

ඒ අනුව, කොළඹ 08, කාසල් වීදියේ පිහිටි සමාගම සහ වැලිවේරිය, කිරිකිත්ත ප්‍රදේශයේ පිහිටි නිෂ්පාදක සමාගම විරුද්ධව නඩු පවරා ඇත.

නාගොඩ රෝහල තුළ වෙඩිතැබීමක්

නාගොඩ රෝහල තුළ වෙඩිතැබීමක්

අදාළ සමාගම් දෙක අධිකරණයට වරද පිළිගෙන ඇති අතර, දඩ මුදල ගෙවා ඇති අතර, අසත්‍ය වගන්තිය ලේබලයෙන් ඉවත් කර 2026 ජනවාරි 20 වනදා නැවත අධිකරණයට වාර්තා කිරීමේ නියෝගයක් ද අධිකරණය නිකුත් කර ඇත.

පාරිභෝගික ජනතාවට අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ ඇණවුම් කරන විට ලේබලයේ විස්තර සහ නිෂ්පාදක තොරතුරු සත්‍ය බවට අවධානය යොමු කරන ලෙස පාරිභෝගික කටයුතු අධිකාරිය උපදෙස් දී ඇත.

රජයේ පාසල් සිසුන් සම්බන්ධයෙන් ගැටලුවක් - මෙහෙම ගියොත් පාසල් හැමදාටම වහයි

රජයේ පාසල් සිසුන් සම්බන්ධයෙන් ගැටලුවක් - මෙහෙම ගියොත් පාසල් හැමදාටම වහයි