සියලු ග්‍රාම නිලධාරී වසම් සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් තීරණයක් - රට පුරා තරුණ තරුණියන් පුහුණු කරයි
ලංකාවේ සියලු ග්‍රාම නිලධාරී වසම් සඳහා නිසි පුහුණුව ලත් ප්‍රථමාධාර ශිල්පීන් දෙදෙනෙක් යෙදවීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇත.
ඒ අනුව අනතුරකට ලක්වූ පුද්ගලයකු රෝහල් ගත කරන තෙක් නිසි ප්‍රථමාධාර ලබා දීමටත් අනතුරට ලක්වූ පුද්ගලයාට තව දුරටත් හානි නොවන ලෙස සුරක්ෂිතව රෝහල් ගත කිරීමත් අරමුණු කර ගෙන මෙම සේවාව සැපයෙන බව සඳහන්.
එමෙන්ම සෑම ග්‍රාම නිලධාරී වසමකටම අවම වශයෙන්, නිසි පුහුණුව ලත් තරුණ ප්‍රථමාධාර ලබා දෙන්නන් දෙදෙනෙක් මේ සදහා යෙදවීමටයි බලාපොරොත්තු වන බව සඳහන්.
මේ අතර වැඩසටහනේ සමාරම්භක උත්සවය හා පළමු කණ්ඩායම සඳහා නිල වශයෙන් පුහුණුව ආරම්භ කිරීම මහරගම ජාතික තරුණ සේවා සභා පරිශ්‍රයේදී අද (30) දින පෙරවරුවේ සිදු විය.
එහි මූලික අදියරේ දී දිවයින පුරා තරුණ තරුණියන් 28,000 ක් රටපුරා පුහුණු මධ්‍යස්ථානවලදී පුහුණු කරයි.
මෙම වැඩසටහන සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකය හා තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශයේ ජාතික තරුණ සේවා සභාව සංවිධාන කරයි.