මුහුදේ දිය නැමට ගිය ළමුන් දෙදෙනෙකු අතුරුදන්

navy drowning Valachchena Kirn sea
By Sewvandhi Jan 15, 2022 04:42 AM GMT
Sewvandhi

Sewvandhi

Report

වාලච්චේන - කිරාන් මුහුදු තීරයේ දියනාමින් සිටි ළමයින් තුන්දෙනෙකුගෙන් දෙදෙනෙකු දියේ ගිලී අතුරුදන් වී තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ එකවර පැමිණි රළ පහරකට හසුවී මොවුන් තුන්දෙනා දියේ ගසාගෙන ගොස් ඇති බවයි.

කෙසේ වෙතත් ප්‍රදේශවාසීන් එක්ව එක් දරුවෙකු බේරාගෙන වාලච්චේන රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.

අතුරුදන්වූ 15 සහ 16 හැවිරිදි දරුවන් දෙදෙනා සොයා පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන් සහ නාවික හමුදාව මෙහෙයුමක් ආරම්භ කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර නිලාවේලි මුහුදු තීරයේ දිය නාමින් සිටි අයෙකු දියේ ගිලෙමින් සිටියදී එම ස්ථානයේ සිටි පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන් විසින් ඔහු බේරාගෙන ත්‍රිකුණාමලය රෝහලට ඇතුළත් කර තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now