පාසල් දරුවන්ට මත්ගුලි - දරුවන් දැඬි අවදානමක - දෙමව්පියන්ගේ විශේෂ අවධානයට

Report

කළුතර කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය වැටලීම් ඒකකය මගින් පාසල් ළමුන් සහ බාලවයස්කාර දරුවන් ඉලක්ක කරගනිමින් නීතිවිරෝධී ලෙස මත්ගුලි අලෙවි කළ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

ඊයේ (07) සවස කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට අයත් අදාළ වැටලීම් ඒකකයට ලද තොරතුරකට අනුව දොඩංගොඩ, තුඩුගල හන්දිය ප්‍රදේශයේදී මෙම වැටලීම සිදුකර ඇත.

සෞදි අරාබිය දෙදරයි - ගුවන් තොටුපොළ දෙකකට දරුණු ප්‍රහාර - පුද්ගලයින් 30ක් මියගොස් තවත් පිරිසක් රෝහලේ

සෞදි අරාබිය දෙදරයි - ගුවන් තොටුපොළ දෙකකට දරුණු ප්‍රහාර - පුද්ගලයින් 30ක් මියගොස් තවත් පිරිසක් රෝහලේ

වෙ‍ළඳසැලක් පවත්වාගෙන යන මුවාවෙන් බලපත්‍ර නොමැතිව ගංජා මිශ්‍ර මත්ගුලි අලෙවි කරන බවට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇති අතර, එම වෙ‍ෙළඳසැලේ සහ ඊට ආසන්නයේ වූ තාවකාලික නැවතුම්පළක තිබී ගංජා මිශ්‍රිත මත්ගුලි 700කට ආසන්න ප්‍රමාණයක් පොලිස් භාරයට ගෙන තිබේ.

විභාග ප්‍රතිඵල ඉක්මනින් - විශේෂ සාකච්ඡාවක් දෙපාර්තමේන්තුවෙන්

විභාග ප්‍රතිඵල ඉක්මනින් - විශේෂ සාකච්ඡාවක් දෙපාර්තමේන්තුවෙන්

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 21 සහ 22 යන වයස්වල පසුවන බෙලිඅත්ත සහ සෙවනගල ප්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනෙකි.

සැකකරුවන් විසින් බලපත්‍ර රහිතව මෙම මත්ගුලි පාසල් ළමුන්ට යන බාලවයස්කාර දරුවන්ට අලෙවි කර ඇති බවට දැනට සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත. අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

දෙමව්පියන් තම දරුවන් පිළිබඳව හා ඔවුන්ගේ ක්‍රියාකාරකම් පිළිබඳව අවදානයෙන් කටයුතු කිරීම අත්‍යවශ්‍ය වේ.