පාස්කු ඉරුදින දේවමෙහෙයදී අත්අඩංගුවට ගත් දෙදෙනාට නිදහස

Report

කොළඹ, කොච්චිකඩේ ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථානයේ පාස්කු ඉරුදින දේව මෙහෙය පැවති අවස්ථාවේදී ඒ අසල සිට සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරුණු කාන්තාව සහ පිරිමි පුද්ගලයා මුදාහරින ලෙසට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.

වෙරළ බඩ පොලීසිය විසින් මෙම සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

පොලීසිය අධිකරණයට කරුණු දක්වමින් පවසා ඇත්තේ ඊයේ දින කොච්චිකඩේ ශාන්ත මුනිඳුන්ගේ දේවස්ථානයේ පාස්කු ඉරුදින දේව මෙහෙය පැවති අවස්ථාවේදී ඒ අසල සැක කටයුතු ලෙස ගමන් කරමින් සිටි මෙම සැකකරුවන් දෙදෙනා ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන පොලීසියට ඉදිරිපත් කළ බවය.

ඒ අනුව මෙම සැකකරුවන් සම්බන්ධයෙන් ඉදිරි පියවර නොගන්නා බවත් ඔවුන් සම්බන්ධයෙන් ඉදිරි නියෝග අනවශ්‍ය බවත් පොලීසිය අධිකරණයට දැනුම් දී තිබේ.

ඒ අනුව අදාළ සැකකරුවන් මුදාහැරීමට අධිකරණය විසින් නියම කර තිබේ.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට නව ප්‍රධානියෙක්

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට නව ප්‍රධානියෙක්

නිවාස ඒකකයක් සඳහා ලබාදෙන ආධාර මුදල ඉහළට

නිවාස ඒකකයක් සඳහා ලබාදෙන ආධාර මුදල ඉහළට