බස් වලින් කප්පම් ගත්ත කප්පම් කල්ලියේ මැර අප්පයි පුතයි අත්අඩංගුවට..තර්ජනය කර කර ඉන්න කොටම පොලිස් ජීප් එකට ...

Sri Lanka Police Sri Lanka Latest Headlines
By Piyumika Jan 02, 2025 04:10 PM GMT
Piyumika

Piyumika

Report

දූෂණයෙන් තොර ප්‍රවාහන සේවාවක් ඇති කිරීමට ගිය උතුරු මැද සභාපතිට හා සාමාන්‍යාධිකාරීට මැර තර්ජනය කිරීමට ගිය කප්පම් කල්ලියේ දෙදෙනෙකු අත් අඩංගුවට ගෙන ඇත.

උතුරු මැද පළාත් මාර්ගස්ථ ප්‍රවාහන සේවා අධිකාරියේ සභාපති කණිෂ්ක මුදිත් ප්‍රසන්න සහ සාමාන්‍යාධිකාරී වීරවිජය ගුණසේකර අද (02) දින සන්ධ්‍යාවේ දී කප්පම් ගැනීම් පිළිබඳ ලැබෙන පැමිණිලි පිළිබඳ සොයා බැලීම සඳහා අනුරාධපුර පොලිසීයේ නිලධාරීන් සමඟ දුර සේවා බස් නැවතුම්පළ පරීක්ෂාවට ගිය අවස්ථාවේ දී සභාපතිවරයාට සහ සාමාන්‍යාධිකාරීවරයාට කප්පම් කල්ලියක අයෙකු සහ ඔහුගේ පුත් විසින් මැර තර්ජනය කර තිබේ.

අද ඩොලරයේ අගයට මොකක්ද වුනේ කියලා දන්නවද..

අද ඩොලරයේ අගයට මොකක්ද වුනේ කියලා දන්නවද..

එම අවස්ථාවේ දී අනුරාධපුර පොලිසීයේ රථ වාහන ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ශෂීක උපමාල් මහා ඇතුලු නිලධාරීන් කිහිප දෙනෙකු ද සිට ඇත.

එම අවස්ථාවේ දී සැකකාර පුත්‍රයා කාලයක සිට පහර දීමේ සිද්ධියක් ඇතුලු සිද්ධීන් කිහිපයකට අනුරාධපුර පොලීසිය විසින් සොයමින් සිටි සැකකරුවෙකි.

ඔහු එම අවස්ථාවේදීම වහා ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර පියා වන ප්‍රධාන සැකකරු අනතුරුව අත්අඩංගුවට ගෙන ඇත.

මෙම මැර පියා සහ පුත්‍රයා කාලයක සිට අනුරාධපුරයෙන් ගමන් ආරම්භ කරනු ලබන දුර ගමන් සේවා බස් රථ වලින් කප්පම් ලබා ගන්නා බවත්,මේ පිළිබඳව 119 දුරකථන අංකය හරහා මෙන්ම වෙනත් පාර්ශ්වයන්ගෙන් අනුරාධපුර පොලිසීයට මෙන්ම උතුරු මැද පළාත් ප්‍රවාහන අධිකාරියට නිරන්තර ලද පැමිණිළි මත පළාත් ප්‍රවාහන අධිකාරිය හා අනුරාධපුර පොලීසිය එක්ව මෙම හදිසි වැටලීම සිදු කර ඇත.

බීම බෝතලයක් ඉල්ලු තරුණියට බිම බෝතලයට දමා දුන් දේ නිසා සිදු වූ විපත.. ..

බීම බෝතලයක් ඉල්ලු තරුණියට බිම බෝතලයට දමා දුන් දේ නිසා සිදු වූ විපත.. ..

එම අවස්ථාවේ දී වයස අවුරුදු 24ක් වන අනුරාධපුර, මාතලේ හන්දිය , සමඟිපුර ලිපිනයේ පදිංචි බුද්ධික තිලංක අනුජිත් යන අය සාපරාධී බලහත්කාරය සහ මහජන සාමය කඩවන අයුරින් හැසිරීම හා පහරදීමේ වරද යටතේ ඔහුව අත්අඩංගුවට ගත් බවත්, වයස අවුරුදු 56ක් වන ගාල්ලගේ තිලකසිරි යන අය රජයේ නිලධාරීන්ට සාපරාධී බලහත්කාරය සහ රාජකාරියට බාධා කිරීමේ වරද යටතේ අත්අඩංගුවට ගෙන ඇත.

එසේම මෙ සැකකරුගේ තවත් පුත්‍රයෙකු ද මෙම කප්පම් ගැනීමේ සිදුවීමට අදාළව ලක්ෂිත මදුෂාන් නැමැති අයෙකු ද අත්අඩංගුවට ගැනීමට නියමිතය. සැකකරුවන් දෙදෙනා හෙට (03) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. මෙම සිදුවීම සම්බන්ධයෙන් උතුරු මැද පළාත් මාර්ගස්ථ ප්‍රවාහන සේවා අධිකාරියේ සභාපති මුදිත් ප්‍රසන්න මෙසේ පැවසීය.

මමත් , සාමාන්‍යාධිකාරීතුමත්, රථවාහන ස්ථානාධිපතිතුමා ඇතුලු අපි පිරිස කප්පම් ගැනීම් සම්බන්ධ තොරතුරු වාර්තාවීම නිසා ඒ පිළිබඳ සොයා බැලීමට ගියා.එහිදී අපට දැන ගන්නට ලැබුණා යම් පිරිසක් විසින් මෙම කප්පම් ගැනීම සිදු කරන බව.අපි ඒ අයට නැවත ඒ දේවල් කරන්න එපා කියලා උපදෙස් දෙන්න ගියේ.නමුත් ඒ අය අපිට පහර දෙන්නට මෙන්ම අපේ රාජකාරීයට බාධා කරමින් හැසිරුණා.ඒ වෙලේ අනුරාධපුර පොලිසීයේ රථවාහන ස්ථානාධිපතිතුමා ඇතුලු නිළධාරීන් වහා මැදිහත් වී අදාළ පුද්ගලයන් අත්අඩංගුවට ගනු ලැබුවා. අපි මේ තනතුරු වලට ආවේ දූෂණය වංචාව නවත්තන්න.මං ඒ සඳහා අවශ්‍ය වැඩපිළිවෙළ දිගටම සිදු කරනවා.ඒ නිසා මං බස් හිමියන්ගෙන් හා බස් රථ කාර්ය මණ්ඩල වලින් ඉල්ලන්නේ ඔබෙන් කවුරු හරි කප්පම් මුදල් ඉල්ලුවොත් කෙලින්ම අපට කියන්න.අපි සූදානම් ඒ අයට විරුද්ධව කටයුතු කරන්න. යැයි පැවසීය.   

You may like this video


ReeCha