ලද තොරතුරක් ඔස්සේ කල විමර්ශනයෙන් කූඨ සොරුන් දෙදෙනෙකු පොලිස් දැලේ..

Sri Lanka Police Sri Lanka Sri Lanka Police Investigation
By Piyumika Sep 29, 2024 04:27 AM GMT
Piyumika

Piyumika

Report

වාහන සොරා ගැනීම හා මුදල් වංචාවන් සිදු කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු කිරිබත්ගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.

බඩු මිල ටික ටික පහළට යන කොට බලන්නකෝ හිතාගන්නවත් බැරි ගානකින් මිල ඉහළ ගිහින් තියනදේ ..

බඩු මිල ටික ටික පහළට යන කොට බලන්නකෝ හිතාගන්නවත් බැරි ගානකින් මිල ඉහළ ගිහින් තියනදේ ..

ඊයේ (28) උදෑසන කාලයේ කිරිබත්ගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබුණි. අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 37ක් වන කඳාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලීසිය පවසයි.

මෙම සැකකරු සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයේදී ඔහු විසින් කූඨ ලේඛණ සකස් කර රුපියල් 13,000,000ක් වටිනා කාර් රථයක් අලෙවි කිරීම සම්බන්ධව තොරතුරු අනාවරණය වී ඇත. ඒ සම්බන්ධයෙන් සිදුකළ වැඩිදුර විමර්ශනයේදී ඔහු සමග මෙම ජාවාරමට සම්බන්ධ තවත් සැකකරුවෙකු කිරිබත්ගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

පාසල සෞභාග්‍යවත් කරන්න කියලා සිසුවෙක්ට ගුරුවරු කරලා තියන අපරාධය..

පාසල සෞභාග්‍යවත් කරන්න කියලා සිසුවෙක්ට ගුරුවරු කරලා තියන අපරාධය..

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 39ක් වන පමුණුගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මෙම සැකකරුද ව්‍යාජ ලේඛණ සකස් කර මෝටර් රථ මුදලට විකිණීම සම්බන්ධව තොරතුරු අනාවරණය කරගෙන ඇති අතර ඒ අනුව ඔවුන් විසින් කූඨ ලේඛණ සකස් කර පන්නල ප්‍රදේශයට අලෙවි කරන ලද මෝටර් රථයක් පොලිස් භාරයට ගෙන ඇත.

තවදුරටත් මෙම සැකකරුවන් සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයේදී ඔවුන් විසින් දිවයිනේ විවිධ ප්‍රදේශවල නිවාස මිලදී ගැනීම, විකිණීම හා අලුතින් නිවාස ඉදි කිරීමේ ව්‍යාපාරයක්ද පවත්වා ගෙන ගොස් ඇති අතර එමගින්ද පුද්ගලයින් රවටා මුදල් වංචා කිරීම් සිදුකර ඇති බවට අනාවරණය වී ඇත.

ආයේ නම් ගෝල්ෆේස් එකේ වාහන සැණකෙළි බලන්න වෙන එකක් නෑ.. රජයේ වාහනවලට කරන්න හදන දේ මෙන්න..

ආයේ නම් ගෝල්ෆේස් එකේ වාහන සැණකෙළි බලන්න වෙන එකක් නෑ.. රජයේ වාහනවලට කරන්න හදන දේ මෙන්න..

සැකකරුවන් සම්බන්ධව වැලිසර හා අලුත්කඩේ යන අධිකරණ මගින් විවෘත වරෙන්තු නිකුත් වී ඇති බවටද වැඩිදුරටත් අනාවරණය වී තිබේ. සැකකරුවන් සම්බන්ධයෙන් කිරිබත්ගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකර ගෙන යනු ලබයි.  

Sri Lanka Presidential Election 2024

NPP
Anura Kumara Dissanayake
5740179 55.89%
SJB
Sajith Premadasa
4530902 44.11%