ඔබත් පරිස්සමෙන්.. උපකාරක පන්තියේ වැසිකිලියේ CCTV සිදුවීමේ සැබෑම කතාව.. ,සම්පූර්ණ වීඩියෝව (VIDEO)

Srilanka tusion
By Sithumi Feb 17, 2022 12:40 PM GMT
Sithumi

Sithumi

Report

උපකාරක පන්තියක වැසිකිළියක් තුළ තිදී CCTV කැමරාවක් හමුවීමේ සිද්ධියක් පිළිබඳව රටේම අවධානය යොමුවිය.

අදාළ සිදුවීම වාර්තා වූයේ ගම්පහ ප්‍රදේශයේ පිහිටි ජනප්‍රිය උපකාරක පන්තියකිනි. කෙසේ වෙතත් අදාළ කැමරාව කවුරුන් විසින් එම ස්ථානයට ගෙනවිත් තැබුවාද යන්න පිළිබඳව මෙතෙක් නිශ්චිත තොරතුරක් අනාරවරණය වී නොමැත.

අදාළ උපකාරක පන්තියට පැමිණෙන සිසුවියකගේ මවක් විසින් මෙම සිදුවීම පිළිබඳව ගම්පහ පොලිසිය වෙත පැමිණිල්ලක් කර තිබුණි

. ඒ අනුව ක්‍රියාත්මක වූ ගම්පහ පොලිසිය විසින් එම සිද්ධිය සම්බන්ධයෙන් කළ විමර්ශනයකදී අදාළ කාන්තා වැසිකිළිය තුළ තිබී කැමරාවක සොයාගෙන ඇත. ආරංචි මාර්ග සඳහන් කරන්නේ එය කඩදාසියකින් ඔතා වැසිකිළියේ ඇති කවුළුවක තබා තිබියදී සොයාගෙන ඇති බවය.

මේ අතර අදාළ සිදුවීමත් සමඟ මේ වනවිට අදාළ උපකාරක පන්තිය තාවකාලිකව වසා දමා ඇත. මෙම ගොඩනැගිල්ල එම ප්‍රදේශයේ හිටපු දේශපාලනඥයෙකුට අයත් ගොඩනැගිල්ලක් බවටද තොරතුරු වාර්තා වෙයි. සිද්ධිය සම්බන්ධයෙන් ගම්පහ මූලස්ථාන පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භකර තිබේ.



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now