මුළු දිවයිනටම වලංගු විශේෂ නිවේදනයක් - හෙට සිට දවස් තුනක් යනතුරු ක්‍රියාත්මකයි රජයෙන් දැනුම්දීමක්

Report

ශ්‍රී ලංකාවේ සමස්ත විදුලි පද්ධතියේ ස්ථායිතාව සහ ආරක්ෂාව ඉතාමත් ඉහළ මට්ටමකින් අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා හෙට 27 දිනයේ සිට එළඹෙන 29 වැනි දින දක්වා කාලය තුළ තමන්ගේ නිවාස හෝ ව්‍යාපාරික ස්ථානවල වහල මත සවිකර ඇති විදුලි ධාරිතාව ඒකක 300 ට වැඩි සූර්ය පැනල පද්ධති හිමි සියලුම පාරිභෝගිකයින් එම සූර්ය පැනල පද්ධති වහාම ක්‍රියාවිරහිත කර තබන ලෙස විදුලිබල හා බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය ඉල්යාස් මුහම්මදු අර්කම් මහතා විශේෂ මහජන දැනුම් දීමක් සිදු කළේය.

අද (26) වනදා පාර්ලිමේන්තු සභාවාරයේදී අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ රටේ පවතින සූර්ය බලශක්ති උත්පාදනය අධික වීම හේතුවෙන් විදුලි පද්ධතියට එල්ල වන පීඩනය පාලනය කරමින් මෙම පද්ධති තාවකාලිකව ක්‍රියා විරහිත කිරීම තුළින් පසුගිය වෙසක් උත්සව දිනයේදී මුළු දිවයින පුරාම ඇති වූ ආකාරයේ හදිසි මහා පරිමාණ විදුලි බිඳ වැටීම් සම්පූර්ණයෙන්ම වළක්වා ගත හැකි බවය.

පවතින කාලගුණයේ වෙනසක් - පාසල් වසා තැබීමට රජයෙන් තීරණයක්

පවතින කාලගුණයේ වෙනසක් - පාසල් වසා තැබීමට රජයෙන් තීරණයක්

හදිසියේම ජපානය අති ප්‍රබල භූමිකම්පාවක් - පැයක් තුල භූමිකම්පා දෙකක් - සුනාමි අවදානමක්?

හදිසියේම ජපානය අති ප්‍රබල භූමිකම්පාවක් - පැයක් තුල භූමිකම්පා දෙකක් - සුනාමි අවදානමක්?