තුර්කිය Instagram ප්‍රවේශය අවහිර කෙරේ...
By Parami Dissanayake
තුර්කිය විසින් හේතුවක් සහ කාලසීමාවක් ප්‍රකාශයට පත් කිරීමෙන් තොරව ඉන්ස්ටග්‍රෑම් ප්‍රවේශය අවහිර කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කර තිබෙන්නේ, තුර්කියේ ඉහළ පෙළේ නිලධාරියෙකු විසින් අමෙරිකානු සමාගමකට එරෙහිව සිදු කරන ලද චෝදනාවක් මුල් කර ගනිමින් අදාළ ප්‍රවේශය අවහිර කර ඇති බවයි.
එමෙන් ම, එරට මිලියන 85ක් පමණ වූ ජනගහනයෙන් මිලියන 50කට වඩා වැඩි පිරිසක් ඉන්ස්ටග්‍රෑම් පරිශීලකයින් වන බව ද වාර්තා වේ.
කෙසේවෙතත්, තුර්කි බලධාරීන් සමාජ මාධ්‍ය වෙබ් අඩවිවලට පිවිසීම අවහිර කළ පළමු අවස්ථාව මෙය නොවන බව සඳහන් වේ.