වහාම ක්‍රියාත්මක වන පරිදි අද මධ්‍යම රාත්‍රීයේ සිට තහනමක් පනවයි - කඩ කළොත් වෙන්නේ මේකයි..
අද (29) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි විභාගය අවසන් වනතුරු 2023 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අදාළ උපකාරක පන්ති, සම්මන්ත්‍රණ සහ වැඩමුළු පැවැත්වීම තහනම් කර තිබෙනවා.
ඒ බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ය.
ඒ අනුව ආදර්ශ ප්‍රශ්න පත්‍ර බෙදා හැරීම සහ විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය හරහා ආදර්ශ ප්‍රශ්න ප්‍රසිද්ධ කිරීමද තහනම් වේ.
වැඩිදුරටත් විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ මෙවැනි කටයුතුවල නිරත වන පුද්ගලයින්ට හෝ කණ්ඩායම්වලට එරෙහිව අවශ්‍ය නීතිමය පියවර ගන්නා බවයි.
කෙසේ වෙතත්, ඒ අනුව 2023 අ.පො.ස උසස් පෙළ විභාගය ජනවාරි 4 වැනිදා සිට 31 වැනිදා දක්වා පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.