ප්‍රභල භූ කම්පනයක්..වහාම සුනාමි අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කෙරේ..!

By Sewvandhi Jan 13, 2025 01:18 PM GMT
Report

ජපානයට රික්ටර් මාපක 6.9ක භූකම්පනයක් හටගෙන තිබේ.

ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය, එරට ප්‍රාන්ත දෙකක් සඳහා සුනාමි අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කිරීමට පියවර ගෙන තිබේ.

භූමිකම්පාව සැතපුම් 23ක් ගැඹුරින් සිදුව ඇති අතර එය ප්‍රධාන වශයෙන් නිරිතදිග කියුෂු කලාපයට බලපා ඇති බවත් සඳහන් වේ.

එරට දේශීය වේලාවෙන් රාත්‍රි 9.19ට මෙම භූ කම්පන තත්ත්වය හටගෙන ඇති අතර ඒ අනුව මියාසාකි සහ කොචි යන ප්‍රාන්ත සඳහා ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය සුනාමි අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ.

………………………………………………………………………

You may like this video👇