රුසියාවේ වෙරළබඩට ප්‍රබල භූකම්පනයක් - ජනතාවට අනතුරු ඇඟවීමක්

Report

රුසියාවේ නැගෙනහිර වෙරළ තීරයේ ප්‍රබල භූකම්පනයක් හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

රික්ටර් මාපකයේ 8.0ක තීව්‍රතාවයකින් යුත් මෙම භූකම්පනය, රුසියාවේ පෙට්‍රොපව්ලොව්ස්ක්-කම්චැට්ස්කි සිට සැතපුම් 85ක් පමණ ඔබ්බෙන්, භූමියේ කිලෝමීටර් 19ක් ගැඹුරින් හටගෙන ඇතැයි එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය (USGS) පවසයි.

මෙම භූකම්පනයෙන් පසුව, හවායි දූපත් සහ ඇලස්කාවේ ඇලූටියන් දූපත්වල කොටස් සඳහා සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

උපන් බබාට රජයෙන් තෑග්ගක් - ජනගහණ අර්බුදයට මුදල් පිළියමක්

උපන් බබාට රජයෙන් තෑග්ගක් - ජනගහණ අර්බුදයට මුදල් පිළියමක්

එසේම, ජපානයේ වෙරළබඩ ප්‍රදේශ සඳහා ද සුනාමි අනතුරු ඇඟවීම් ක්‍රියාත්මක වන අතර, එරට කාලගුණ විද්‍යා ඒජන්සිය පවසන්නේ මීටර 1ක් දක්වා රළ ඇතිවිය හැකි බවයි. 

භූකම්පනයේ අපිකේන්ද්‍රය පිහිටා ඇත්තේ රුසියාවේ ඈත පෙරදිග කම්චැට්කා අර්ධද්වීපයේ වෙරළට ඔබ්බෙන් වන රටේ ජනාකීර්ණ නොවන දුරස්ථ ප්‍රදේශයක බව වාර්තා වේ. මෙම සිදුවීම හේතුවෙන් එම ප්‍රදේශවල ආරක්ෂක කටයුතු තීව්‍ර කර ඇති අතර, බලධාරීන් තත්ත්වය නිරීක්ෂණය කරමින් සිටිති.

ලග්න පලාපල 2025 ජූලි 30 : ලග්න 4 ක් සැලකිල්ලෙන් - ලග්න 6කට වාසනාවෙන් විහිදෙන මල්

ලග්න පලාපල 2025 ජූලි 30 : ලග්න 4 ක් සැලකිල්ලෙන් - ලග්න 6කට වාසනාවෙන් විහිදෙන මල්

මගේ ජීවිතේ වෙන්න ඕන ඔක්කොම මට වුණා බනින හැමෝටම මම මෙතනින් යද්දී උත්තරයක් දීලා යන්නම් චන්දිමාල් සංවේදී වෙයි

මගේ ජීවිතේ වෙන්න ඕන ඔක්කොම මට වුණා බනින හැමෝටම මම මෙතනින් යද්දී උත්තරයක් දීලා යන්නම් චන්දිමාල් සංවේදී වෙයි