සුනාමි අනතුරු ඇඟවීම් නිකුත්වේ - ලෝකයේ තැන් තුනක එකවර භූමිකම්පා - හදිසි තත්ත්වයක්
By Ashfa
වෙනිසියුලාවට රික්ටර් මාපකයේ 7.5ක ප්‍රබලත්වයෙන් යුත් තවත් භූකම්පනයක් හටගෙන ඇති අතර, ඒ හේතුවෙන් අගනුවර ඇතැම් ගොඩනැගිලි කඩා වැටී දැඩි හානි සිදුව ඇත.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මෙම භූකම්පන දෙක ඇති වීමෙන් පසුව වෙනිසියුලාවට සහ ඒ ආසන්න කැරිබියන් දුපත් සඳහා සුනාමි අනතුරු ඇඟවීම් ද නිකුත් කළ බවයි.
අද උදෑසන වෙනිසියුලාවේ කැරකස් අගනුවරට ආසන්නව ප්‍රබල භූමිකම්පාවක් හට ගෙන ඇති අතර, එහි බලපෑම මේ ආකාරයෙන් මේ වනවිට දරුණු තත්ත්වයකට පත්ව ඇත.
මීට අමතරව අද උදෑසන උතුරු ජපානයටත් රික්ටර් මාපක 6.9ක භූකම්පනයක් හට ගෙන ඇත. මෙම භූකම්පනය ඉවාටේ හි උතුරු ප්‍රදේශයෙන් ඔබ්බෙන් සිදුව ඇත.