පන්සලට වැඩේ දීලා යන්න හැදුවත් පොලිසියට මාට්ටු
ගල්නෑව පොලිස් ස්ථානය විසින් ගල්නෑව තොරණේගම ප්‍රදේශයේ විහාරස්ථානයකින් රුපියල් 2,500ක වටිනාකමකින් යුත් අටපිරිකර 06ක් සොරකම් කළ අයෙක් අත්අඩංගුවට ගෙනැති බව වාර්තා කරයි.
පොලීසිය මඟින් සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණේ විහාරස්ථ දායක සභාවේ නිලධාරීන් සොරකම පිළිබඳව පොලිසියට ලබා දුන් පැමිණිල්ලක් මතයි.
ඒ අනුව අඳාළ සැකකරු සොරකම් කළ බව කියන අටපිරිකර ඇතුළත් විශාල බෑගයක්ද සමඟ කුරුණාගල ප්‍රදේශයට පලා යාමට ලෝලුගස්වැව බස් නැවතුම්පලක රැදී සිටියදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
වාර්තා වූ තොරතුරු අනුව සැකකාර පුද්ගලයා වයස අවුරුදු 36ක කුරුණෑගල, මහකෙලිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. එසේම සැකකරුගෙන් කළ ප්‍රශ්ණ කිරීම්වලදී සොයා ගෙන ඇත්තේ ඔහු මීට පෙර යුධ හමුදාවේ සේවය කර මේ වන විට ඉන් නිත්‍යාණුකූල ලෙස ඉවත්ව සිටින පුද්ගලයෙක් බවයි.
ඒ අනුව අත්අඩංගුවට පත් සැකකරු කැකිරාව මහේස්ත්‍රාත් අධීකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ගල්නෑව පොලිස් ස්ථානය මඟින් සිදු කරන බව සඳහන්.
