ඇඟිලි සටහන් යන්ත්‍රය දැන් අනිවාර්යයි
සාධාරණ වැටුප් සහ අතිකාල දීමනා ලබාදී ඇතත් තැපැල් සේවකයන්ගේ වැඩවර්ජනය අසාධාරණ බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
වැටුප් සහ අතිකාල දීමනා ක්‍රමවත්ව ලබාදීම හේතුවෙන් ඇඟිලි සලකුණු යන්ත්‍ර අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව ඔහු සඳහන් කළේය. අද(17) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
මේ අතර, මෙම වැඩවර්ජනයට ප්‍රධාන කාරණා තුනක් බලපා ඇති බවත්, නිවාඩු අවලංගු කර ඇති පසුබිමක සේවයට වාර්තා නොකිරීමේදී දැඩි ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බවත් තැපැල්පති එස්.ආර්.ඩබ්ලිව්.එම්.ආර්.පී. සරත්කුමාර මහතා එහිදී අදහස් දක්වමින් කියා සිටියේය.
තැපැල් දෙපාර්තමේන්තුවේ සේවකයන් 22,000ක් පමණ සේවය කරන බවත්, වැටුප් වැඩිවීමට පෙර ආදායම රුපියල් බිලියන 14ක් වූ අතර වියදම රුපියල් බිලියන 18ක් වූ බවත් ඔහු පැවසීය.

චන්ද්‍රිකා ආණ්ඩුව අරන් තිබ්බ ඉඩමේ හයිවේ හදලා මහින්ද රාජපක්ෂ ලකුණු දාගත්තා හැබැයි අපිට දුන්නේ නැවතුන රටක්
ඒ අනුව භාණ්ඩාගාරයට රුපියල් කෝටි 400ක අමතර බරක් පැටවී තිබූ බවද තැපැල්පතිවරයා සඳහන් කළේය. වැටුප් වැඩිකිරීමෙන් පසු ආදායම් ඉහළ නොගියහොත් පරතරය රුපියල් කෝටි 800-1000 දක්වා ඉහළ යා හැකි බවත්, එබැවින් සේවකයන් වැටුප් සහ අතිකාල පිළිගෙන දෙපාර්තමේන්තුවේ ආදායම් වැඩිකිරීමට කටයුතු කළ යුතු බවත් ඔහු අවධාරණය කළේය.
පසුගිය මාස 08 තුළ බඳවාගැනීම් ආරම්භ කර ඇති බවත්, සමස්ත රජයේ සේවකයන්ට මෙන්ම තැපැල් සේවකයන්ටද වැටුප් වැඩිකිරීම් ලබාදී ඇති බවත් තැපැල්පතිවරයා පැවසීය. දෙවැනි ශ්‍රේණියේ තැපැල් සේවකයෙකුගේ මූලික වැටුප 2024 මාර්තු මාසයේදී රු.32,375ක් වූ අතර, 2027 ජනවාරි වනවිට රු.54,650 දක්වා වැඩිවන බවත්, මෙම වසරේ අප්‍රේල් මාසයේ සිට අතිකාල රු.54,650 මත පදනම්ව ගණනය කරන බවත් ඔහු සඳහන් කළේය.
භාණ්ඩාගාරයෙන් රුපියල් කෝටි 400-500ක් වැයකරමින් මෙම පහසුකම් ලබාදී ඇතත් වැඩවර්ජනය මගින් සේවාවන් කඩාකප්පල් කිරීම සාධාරණ නොවන බවත්, එය භාණ්ඩාගාරයට අමතර බරක් පමුණුවන බවත් තැපැල්පතිවරයා පෙන්වා දුන්නේය. ඇඟිලි සලකුණු යන්ත්‍ර ක්‍රියාත්මක කිරීම සාධාරණ බවත්, රජයේ සේවකයන් ජනතාවගේ බදු මුදල්වලට වගකිව යුතු බවත් ඔහු කියා සිටියේය.
මෙම යන්ත්‍ර දීර්ඝ කාලයක් නොක්‍රියව තිබූ අතර, වැටුප් සහ අතිකාල ලබාදීම හේතුවෙන් ඒවා ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවත්, වෘත්තීය සමිතිවල එකඟතාව ද ලැබී ඇති බවත් ඔහු පැවසීය.
වැඩවර්ජනය නතර කර සේවයට වාර්තා කරන ලෙස තැපැල් විෂය භාර ඇමතිවරයා ලෙස ඉල්ලා සිටින බවත්, සේවයට වාර්තා නොකිරීමෙන් ආදායම් පහත වැටී භාණ්ඩාගාරයට බරක් පැටවෙන බවත් ඔහු අවධාරණය කළේය. මෙය අසාධාරණ වැඩවර්ජනයක් ලෙස හඳුන්වන බවත් තැපැල්පතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.