නීතියේ යටතේම තීරණයක් - අධිකරණ නිලධාරීන් 10කගේ සේවය අත්හිටුවයි

Government Employee Government Of Sri Lanka Latest Headlines Sinhala news gagana news
By Shehan Aug 17, 2025 04:52 PM GMT
Shehan

Shehan

Report

විෂමාචාර ක්‍රියාවන් සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ මහේස්ත්‍රාත්වරු, දිසා විනිසුරුවරු ඇතුළු අධිකරණ නිලධාරීන් දස දෙනෙකුගේ සේවය පසුගිය මාසය තුළ අත්හිටුවීමට අධිකරණ සේවා කොමිසම පියවර ගෙන ඇති බව එම කොමිසමේ ආරංචි මාර්ග සඳහන් කරයි.

ගම්පහ අධිකරණ කලාපයේ තවත් දිසා විනිසුරුවරයෙකුගේ සේවය විෂමාචාර චෝදනා මත අත්හිටුවීමට අධිකරණ සේවා කොමිසම කටයුතු කිරීමත් සමඟ සේවය අත්හිටුවූ අධිකරණ නිලධාරීන්ගේ සංඛ්‍යාව 10 දක්වා ඉහළ ගොස් ඇත.

A-9 මාර්ගයේ මාරක අනතුරක් - දෙදෙනෙක් ජීවිතක්ෂයට

A-9 මාර්ගයේ මාරක අනතුරක් - දෙදෙනෙක් ජීවිතක්ෂයට

මේ අතර, අකාර්යක්ෂම කාර්ය සාධනය සම්බන්ධ චෝදනා හේතුවෙන් ගම්පහ ප්‍රදේශයේ සිවිල් අභියාචන විනිසුරුවරයෙකුට පරීක්ෂණයකින් පසු විශ්‍රාම යාමට නියෝග කර ඇති අධිකරණ සේවා කොමිසම, ඔහු වෙත විශ්‍රාම වැටුප් පත්‍රිකා යවා ඇති බව වාර්තා වේ.

වෘත්තීය විෂමාචාර සහ සේවා අකාර්යක්ෂමතාව සම්බන්ධයෙන් චෝදනා ලැබූ අධිකරණ නිලධාරීන් 37 දෙනෙකුට එරෙහිව විමර්ශන ආරම්භ කර ඇති බව අධිකරණ සේවා කොමිසමේ ආරංචි මාර්ග පවසන අතර, ගම්පහ අධිකරණ කලාපයේ දිසා විනිසුරුවරයෙකු සහ මිනුවන්ගොඩ අතිරේක දිසා විනිසුරුවරයෙකු විනිසුරු ආයතනයට කැඳවීමට ද අධිකරණ සේවා කොමිසම පියවර ගෙන ඇතැයි වාර්තා වේ.

අපි දෙපැත්තක හිටියත් දේශපාලන වෛරයක් තිබුණේ නෑ

අපි දෙපැත්තක හිටියත් දේශපාලන වෛරයක් තිබුණේ නෑ

චන්ද්‍රිකා ආණ්ඩුව අරන් තිබ්බ ඉඩමේ හයිවේ හදලා මහින්ද රාජපක්ෂ ලකුණු දාගත්තා හැබැයි අපිට දුන්නේ නැවතුන රටක්

චන්ද්‍රිකා ආණ්ඩුව අරන් තිබ්බ ඉඩමේ හයිවේ හදලා මහින්ද රාජපක්ෂ ලකුණු දාගත්තා හැබැයි අපිට දුන්නේ නැවතුන රටක්