නෝර්ටන්බිජ් ප්‍රධාන මාර්ගය වැසෙයි - පස්කන්දක් කඩා වැටෙයි, ගමනාගමනය අවහිරයි
නෝර්ටන්බ්‍රිජ් - මස්කෙලිය ප්‍රධාන මාර්ගයට පස්කන්දක් කඩා වැටීම හේතුවෙන් එම මාර්ගයේ ගමනාගමන කටයුතු අද (17) පස්වරුවේ සිට සම්පූර්ණයෙන්ම ඇනහිට ඇති බව නෝර්ටන්බ්‍රිජ් පොලිසිය සඳහන් කරයි.
මෙම ප්‍රදේශයට ඇද හැලෙන අධික වර්ෂාපතනය හේතුවෙන් මෙම පස්කන්ද කඩා වැටී ඇති බව වාර්තා වේ.
පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ, මාර්ගය යථා තත්ත්වයට පත් කරන තුරු විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි.