සාමෙට කතා කරන ගමන් කටාර්, ජෝර්දානය ඇතුළු මැදපෙරදිග රටවල් හයකට ට්‍රම්ප් දාන අලුත්ම කොන්දේසිය

Report

ඉරානය සමඟ දැනට පවතින සාකච්ඡාවලට සාපේක්ෂව මැදපෙරදිග කලාපය තුළ වඩාත් පුළුල් හා ස්ථාවර එකඟතාවක් ඇති කරගැනීම වෙනුවෙන් සෞදි අරාබිය, කටාර් රාජ්‍යය, පාකිස්ථානය, තුර්කිය, ඊජිප්තුව සහ ජෝර්දානය යන රටවල් ද වහාම 'ඒබ්‍රහම් ගිවිසුම' සඳහා දායක විය යුතු බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇති බව වාර්තා වේ.

ඒ අනුව විදේශීය මාධ්‍ය වාර්තා උපුටා දක්වමින් මේ බව අනාවරණය කර තිබෙන අතර, ජනාධිපති ට්‍රම්ප් සඳහන් කරන්නේ මෙම පුළුල් කලාපීය එකඟතාව අවසන් අදියර කරා රැගෙන යාමට නම් නව සාමාජිකයන්ගේ මැදිහත්වීම අත්‍යවශ්‍ය බවයි.

අමෙරිකානු හමුදා කදවුරු සහ බහරේනයේ අධි සංවේදී තොරතුරු ඉරානය වෙත - පුද්ගලයින් 9ට ජීවිතාන්තය දක්වා සිරදඩුවම්

අමෙරිකානු හමුදා කදවුරු සහ බහරේනයේ අධි සංවේදී තොරතුරු ඉරානය වෙත - පුද්ගලයින් 9ට ජීවිතාන්තය දක්වා සිරදඩුවම්

එමෙන්ම එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) සහ බහරේනය දැනටමත් ඒබ්‍රහම් ගිවිසුමේ සාමාජිකයන් වශයෙන් කටයුතු කරන බවත් කලාපීය ආරක්ෂාව සහ ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම අරමුණු කරගනිමින් නව රටවල් හය ද ඊට සම්බන්ධ කරගැනීම ජනාධිපති ට්‍රම්ප්ගේ ප්‍රධානතම උපායමාර්ගික ඉලක්කයක් බවත් සඳහන්.

එසේම ඉරානය සමඟ ඇති කරගැනීමට නියමිත නව ගිවිසුම, කලාපයේ අනෙකුත් ප්‍රබල මුස්ලිම් සහ අරාබි රාජ්‍යයන් ද එකම රාමුවකට ගෙන එන පුළුල් දේශපාලන ස්ථාවරත්වයක කොටසක් විය යුතු බව එම පරිපාලනයේ අදහස බව වාර්තා වේ.

ලොවක් බලන් ඉද්දි ඉරාන විදේශ ඇමතිට නිව්යෝර්ක් යන්න බැරි වුණ හේතුව මෙන්න

ලොවක් බලන් ඉද්දි ඉරාන විදේශ ඇමතිට නිව්යෝර්ක් යන්න බැරි වුණ හේතුව මෙන්න

ට්‍රම්ප්ගෙන් පස්සේ දුව ඉවන්කා ට්‍රම්ප්වත් මරන්න කුමන්ත්‍රණයක්

ට්‍රම්ප්ගෙන් පස්සේ දුව ඉවන්කා ට්‍රම්ප්වත් මරන්න කුමන්ත්‍රණයක්

මරලතෝනි දුන්න දෝණිව හොයන් යද්දි පුංචි හිස විතරක්..ලෝකෙම කම්පා කළ ඇගේ මරණයට යුක්තිය ඉල්ලා ජනතාව පාරට

මරලතෝනි දුන්න දෝණිව හොයන් යද්දි පුංචි හිස විතරක්..ලෝකෙම කම්පා කළ ඇගේ මරණයට යුක්තිය ඉල්ලා ජනතාව පාරට

[