ලොව ප්‍රථම සිම්ෆොනික සහ 4D නවකතාව ‘මායා’ එළිදකියි

Report

ප්‍රවීණ කලාකරු නදීක ගුරුගේ මහතා විසින් නිර්මිත සුවිශේෂී නිර්මාණයක් වන ලොව ප්‍රථම සිම්ෆොනික සහ සිව්මාන (4D) නවකතාව වන “මායා” ග්‍රන්ථය දොරට වැඩීමේ මංගල්‍යය ඉතා උත්කර්ෂවත් අන්දමින් පැවැත්විය .

මෙම සුවිශේෂ සාහිත්‍ය සැඳෑවට සඳහා බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා ඇතුළු කලාකරුවෝ, විද්වත්හු සහ සංගීත ලෝලීහු රැසක් සහභාගී විය.

පුළුන් බරයි යකඩ තරම් - මේ දවස්වල හැමෝම කතාවෙන චන්දරේගේ වයිෆ්

පුළුන් බරයි යකඩ තරම් - මේ දවස්වල හැමෝම කතාවෙන චන්දරේගේ වයිෆ්

 ඒ පසුගිය මැයි 21 වැනිදා කොළඹ, ශ්‍රී ලංකා පදනම් ආයතනයේදීය.

අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා සඳහන් කරන්නේ සාහිත්‍ය සහ සංගීතය එකිනෙක මුසුවෙමින්, මිනිස් මනස නවතම මානයකට රැගෙන ගිය ඒ සුන්දර සන්ධ්‍යාව සැබවින්ම ජීවිතයට අපූර්ව අත්දැකීමක් වූ බවයි.