මරලතෝනි දුන්න දෝණිව හොයන් යද්දි පුංචි හිස විතරක්..ලෝකෙම කම්පා කළ ඇගේ මරණයට යුක්තිය ඉල්ලා ජනතාව පාරට
මුළු මහත් ලෝකයම දරුණු විදිහට කම්පා කළ අමානුෂික අපරාධයක් සම්බන්ධ පුවතක් මේ දිනවල බංග්ලාදේශයෙන් වාර්තා වෙනවා. ඒ අට හැවිරිදි වියේ පසුවුණු රමීසා නම් පුංචි දැරියව දූෂණය කරලා, ඝාතනය කිරීම සම්බන්ධයෙන්.
වාර්තා වෙන විදිහට ඉකුත් අඟහරුවාදා උදේ, පුංචි රමීසා සුපුරුදු විදිහට හරිම ආසාවෙන් පාසල් යන්න ලෑස්ති වෙලා ඇය පදිංචි මහල් නිවාස සංකීර්ණයේ ඉන්න කොට, එකපාරටම ඇගේ අම්මට තමන්ගේ දුව මර ලතෝනි තියෙනවා ඇහිලා තියෙනවා.
ඒ හඬින් කලබල වුණු ඇය තම පුංචි දියණිය සොයා දිව්වත්, ඇයට මුලින්ම දැකගන්න ලැබිලා තියෙන්නේ ඔවුන්ගේ ගෙවල් අසල තිබුණු වෙනත් නිවසක් ඉස්සරහා වැටිලා තිබුණු රමීසාගේ පුංචි සපත්තුව.
ලිංගික අපයෝජන චෝදනාව බොරු.. භෞතිකව ඉදිරිපත් නොකර රිමාන්ඩ් කරන්න බෑ - අටමස්ථානාධිපති හිමියන්ගෙන් අධිකරණයට දැනුම් දීමක්
ඒත් එක්කම අඳාළ නිවසේ දොරවල් වසා තිබුණු නිසා ඇතිවුණු සැකයත් එක්ක, වටපිටාවේ අය වහාම එකතු වෙලා දොර කඩාගෙන ඇතුළට ගිහින් තියෙනවා. ඒත් එතනදී ඔවුන් දැකපු දේ හද කම්පා කරවන ඛේදවාචකයක්.
කාමරේ තිබුණු ඇඳක් යට රමීසාගේ හිස වෙන් කරපු බඳ කොටස පමණක් සඟවලා තියෙනවා දකිද්දි ඒ දසුන දුටු කාගෙත් ඇඟ කිළිපොලා යෑම අරුමයක් නෙවෙයි. අනතුරුව පොලිසිය ඇවිත් කළ දැඩි සෝදිසි කිරීම්වලදී, දැරියගේ හිස කොටස හොයාගෙන තියෙන්නේ ඒ ගෙදරම නානකාමරේ තිබුණු බාල්දියක් තුළ සඟවලා තිබියදීයි.
මේ වන විට මෙම දරුණු අපරාධය කළ ප්රධාන දූෂකයාව වගේම, එයට උදව් කර මළසිරුර කැබලි කොට සඟවන්න උදව් කරපු ඔහුගේ බිරිඳවත් මේ වන විට බංග්ලාදේශ ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒවගේම අහිංසක රමීසා වෙනුවෙන් සාධාරණය ඉල්ලලා, මේ නරුමයන්ට මරණ දඬුවම වගේ උපරිම දඬුවම් දෙන්න කියලා බල කරලත් මේ වෙනකොට බංග්ලාදේශයේ දහස් ගණන් ජනතාව පාරට බැහැලා දැවැන්ත විරෝධතාවල නිරත වෙනවා.
බංග්ලාදේශය කියලා නෑ මේ වෙන කොට හැම රටකම වගේ කාන්තා අපයෝජන, ළමා දූෂණ වගේ නානා ප්රකාර අපරාධ වැඩි වෙලා තියෙනවා.
ඒවගෙන් සුළුතරයක් පිටත ලෝකෙට නිරාවණය වෙද්දි බහුතරයක් විවිධ හේතු නිසා ලෝකෙට වසන් වී යනවා.
දූෂණ වංචා වෙන ප්රමාණය ඉහළ යන වේගයට සාපේක්ෂව නීතිය ඉටු වෙනවද කියන ප්රශ්නය එදා වගේම අදත් තාමත් තියෙනවා.
ඒ මොනවා වුණත් මේ ලෝකෙට පිපෙන්නත් කළින්ම ලස්සන මල් කැකුළු දහස් ගණන් නැති වෙලා යනවා.