දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් කොළඹ ධීවරයන්ට සුබ වෙයි
දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් කොළඹ දිස්ත්‍රික්කයේ ධීවර ජනතාව වෙනුවෙන් දැල් ආම්පන්න බෙදාදීම සිදු කර තිබෙනවා.
ඒ නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතාගේ ප්‍රදානත්වයෙන්.
මෙහිදී දැල් බෙදාදීම සිදුව ඇත්තේ දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් කොළඹ දිස්ත්‍රික්කයේ ධීවර ජනතාවට ගැටලුවකින් තොරව ධීවර කටයුතු සිදුකර ගැනීමේ අරමුණින්.
එහිදී කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රතිලාභීන් 14 දෙනෙකු වෙනුවෙන් දැල් කට්ටල ලබාදීමට පියවර ගෙන ඇත.
එසේම එම අවස්ථාවේදී අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා පවසා සිටියේ වත්මන් රජය වැඩකරන ජනතාවගේ අභිවෘද්ධිය වෙනුවෙන් කැපවන බවයි.