බස් රථයක් පෙරළී බිහිසුණු අනතුරක් - 8 ට තුවාල [VIDEO]
වන්දනා නඩයක් ගමන්ගත් බස් රථයක් සිප්පුකුලම ප්‍රදේශයේදි මාර්ගයෙන් පිටතට පැන පෙරළී යාමෙන් පුද්ගලයන් 08 දෙනෙකු තුවාල ලබා අද (25) දින රෝහල් ගතකළ බව මිහින්තලය පොලිසිය සඳහන් කරයි.
එම සිද්ධියෙන් තුවාල ලබා ඇත්තේ කහටගස්දිගිලිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 35ත් 48ත් අතර වියේ පසුවන පිරිසක් බව වාර්තා වේ. ඒ අනුව මෙම අනතුරින් බස් රථයේ රියදුරාද තුවාල ලබා ඇත.
අඳාළ පිරිස කතරගමට වන්දනාවේ ගොස් ආපසු නිවෙස් බලා කහටගස්දිගිලිය ප්‍රදේශයට යමින් සිටියදි මෙම අනතුරට ලක්ව ඇති බව පොලිසි ප්‍රකාශ කළා.
එමෙන්ම බස් රථය අනතුරට පත්වන අවස්ථාවේදි එහි කාන්තාවන් ඇතුළු පුද්ගලයන් 30 දෙනෙකු පමණ ගමන් කොට ඇති බවත් පොලිසිය වාර්තා කර ඇත.
එසේම තුවාලකරුවන් තම්මැන්නාව මුලික රෝහලට හා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කර ඇති බව සඳහන්.
අඳාළ වීඩියෝව පහතින් උපුටා දක්වා ඇත,