දන්සල් ගැන සමාජ මාධ්‍යයේ සංසරණය වන අසත්‍ය පුවතක් සම්බන්ධයෙන් නිවේදනයක්

Report

දන්සල් පැවැත්වීමට අදාළව සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන අසත්‍ය පුවතක් සම්බන්ධයෙන් උතුරු පළාත් ආණ්ඩුකාරවරයා විසින් නිවේදනයක් නිකුත් කර ඇත.

අඳාළ නිවේදනය පහතින් උපුටා දක්වා ඇත.

18ත් 59ත් අතර සිටින රජයේ විශ්‍රාම වැටුප් හිමිකම් නොලබන පුද්ගලයින්ට විශේෂ නිවේදනයක්

18ත් 59ත් අතර සිටින රජයේ විශ්‍රාම වැටුප් හිමිකම් නොලබන පුද්ගලයින්ට විශේෂ නිවේදනයක්

"පසුගිය දින කිහිපය තුළ සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ව්‍යාප්ත වෙමින් පවතින, '' මෙවර වෙසක් සමය තුළ උතුරු පළාතේ දන්සල් පැවැත්වීමට සහ වෙසක් සැරසිලි කිරීමට උතුරු පළාත් ආණ්ඩුකාරවරයා විසින් තහනමක් පනවා ඇත" යන ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍ය හා පදනම් විරහිත වේ. එවැනි කිසිදු තීරණයක් ආණ්ඩුකාර ලේකම් කාර්යාලය විසින් ගනු ලැබ නොමැති බවත්, ඒ සම්බන්ධයෙන් කිසිදු සාකච්ඡාවක් පවා සිදු නොවූ බවත් මහත් වගකීමෙන් යුතුව දන්වා සිටිමි.

වාහන හිමියන්ට විශේෂ නිවේදනයක් - ආයේ වාහනයට රක්ෂණ කාඩ්පතක් නැහැ - ඩිජිටල් රක්ෂණ කාඩ්පත ගන්න විදිහ පැහැදිලි කරයි

වාහන හිමියන්ට විශේෂ නිවේදනයක් - ආයේ වාහනයට රක්ෂණ කාඩ්පතක් නැහැ - ඩිජිටල් රක්ෂණ කාඩ්පත ගන්න විදිහ පැහැදිලි කරයි

දිගු කාලයක් තිස්සේ අපගේ ජන කොටස් අතර පවත්නා ජාතික හා ආගමික සංහිඳියාව විනාශ කිරීමටත්, ජනතාව අතර ව්‍යාකූලත්වය ඇති කිරීමටත් යන ද්වේෂ සහගත අරමුණින් ඇතැම් කොටස් විසින් මෙවැනි ව්‍යාජ ප්‍රවෘත්ති හිතාමතාම සෑදීමෙන් හා ව්‍යාප්ත කිරීමෙන් ක්‍රියා කරන බව පැහැදිලිය. මෙම පහත් හා ද්වේෂ සහගත සමාජ මාධ්‍ය ව්‍යාපාරයට එරෙහිව දැනටමත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) නිල පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත. එබැවින්, මෙවැනි පදනම් විරහිත ව්‍යාජ ප්‍රවෘත්ති විශ්වාස නොකරන ලෙසත්, ව්‍යාජ ප්‍රචාරයන්ට රැවටෙන්නේ නැතිව, ජාතික හා ආගමික සංහිඳියාව සහ සාමය ආරක්ෂා කරගනිමින් ජීවත් වන ලෙසත් සැමට ආදරයෙන් ඉල්ලා සිටිමි."

අනුරාධපුරයට පරිසර දිනය නිමිත්තෙන් සුබ ආරංචියක් - මැයි 30 සිට ජුනි 5 දක්වා පැවැත් වෙයි

අනුරාධපුරයට පරිසර දිනය නිමිත්තෙන් සුබ ආරංචියක් - මැයි 30 සිට ජුනි 5 දක්වා පැවැත් වෙයි