මේ දිස්ත්‍රික්ක හයකට නායයෑමේ අනතුරු

Report

දිවයිනේ දිස්ත්‍රික්ක හයකට අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 24ක් සඳහා පළමු සහ දෙවන අදියරේ නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) පියවර ගෙන තිබේ.

ප්‍රදේශ කිහිපයකට ඇද හැලෙන අධික වර්ෂාපතනය හේතුවෙන් නිකුත් කරන ලද මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය හෙට (26) පස්වරු 04.00 දක්වා වලංගු වන බව එම සංවිධානය සඳහන් කළේය.

ඒ අනුව, වඩාත් අවදානම් සහිත 'අදියර දෙක' (Level 2) යටතේ කෑගල්ල දිස්ත්‍රික්කයේ දෙහිඕවිට, දැරණියගල, රුවන්වැල්ල සහ යටින්තොට යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට මෙන්ම රත්නපුර දිස්ත්‍රික්කයේ කුරුවිට, රත්නපුර, අයගම සහ ඇහැළියගොඩ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා ද මෙම අනතුරු ඇඟවීම් බලාත්මක කර ඇත.

මේ අතර විමසිලිමත්ව සිටිය යුතු 'අදියර එක' (Level 1) යටතේ කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවක සහ පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටත්, ගම්පහ දිස්ත්‍රික්කයේ අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයටත් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

එමෙන්ම කළුතර දිස්ත්‍රික්කයේ පාලින්දනුවර, මතුගම, බුලත්සිංහල, අගලවත්ත, ඉංගිරිය සහ හොරණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටත්, කෑගල්ල දිස්ත්‍රික්කයේ බුලත්කොහුපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයටත් මෙම අවදානම පවතී.

තව ද නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයටත්, රත්නපුර දිස්ත්‍රික්කයේ කිරිඇල්ල, පැල්මඩුල්ල, නිවිතිගල, ඇලපාත සහ කලවාන යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටත් අදියර එක යටතේ නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බැවින් කඳුකර සහ බෑවුම් සහිත ප්‍රදේශවල වෙසෙන ජනතාව දැඩි අවධානයකින් පසුවිය යුතු බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය වැඩිදුරටත් දන්වා සිටියි.

සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල එන දිනය මෙන්න - විභාග දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල එන දිනය මෙන්න - විභාග දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

මුළු ලංකාවටම සුබම සුබ ආරංචියක්

මුළු ලංකාවටම සුබම සුබ ආරංචියක්